YouTube යළි එයි: බිඳ වැටීමේ හේතුව ගැන සමාගම නිහඬයි

  👤  1535 readers have read this article !
Published by : MB WEB 2018-10-17 14:22:43

YouTube වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය පැය කිහිපයකට ඇණහිටීම සම්බන්ධයෙන් එම සමාගම කිසිදු හේතු දැක්වීමක් කර නොමැත.

එම සමාගම නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ, "පුළුල් ප්‍රශ්නයක්" පැවති අතර මේ වන විට එය නිරාකරණය කර ඇති බව ය.

පැය දෙකක පමණ කාලයක් බිඳ වැටී තිබූ YouTube වෙඩ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබේ.

එය භාවිත කරන්නන් දැනුම් දී තිබුණේ, YouTube, YouTube TV සහ YouTube Music යන වෙබ් අඩවි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවන බව ය.

මෙම බිඳ වැටීමට හේතු දැක්වීමට YouTube සමාගම පියවර ගෙන නොමැත.

සාමාන්‍යයෙන් මිනිත්තුවකදී පැය 400ක වීඩියෝ දර්ශන YouTube වෙබ් අඩවියට මුදා හරින අතර, Google වලින් පසු දෙවන විශාලතම සෙවුම් යාන්ත්‍රණය වන්නේ, YouTube අඩවිය යි.

මේ අතර, "YouTube බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට අපට බැහැ. 911ට ඇමතුම් දෙන්න එපා" යනුවෙන් සඳහන් කරමින් අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon