වසර 2014 - 2018 කාලය තුළ සිරියාවේ රසායනික අවි ප්‍රහාර 106ක් 3,50,000ක් මරුට

  👤  1116 readers have read this article !
Published by : MB WEB 2018-10-16 13:40:59

සිරියාවේ විනාශකාරී යුද්ධය ආරම්භ වී වසර හතක් ගතවී ඇති අතර එම කාලය තුළදී පුද්ගලයන් තුන් ලක්‍ෂ පනස්දහසකට අධික පිරිසක් මියගොස් ඇතැයි නවතම වාර්තා අනාවරණය කරයි.

ජනාධිපති බෂාර් අල් අසාද් බලයෙන් පහ කරනු පිණිස ආරම්භ කරන ලද කැරැලි තුළින් ආරම්භ වූ යුද්ධය අවසාන අදියරට පැමිණීමත් සමඟ සිදුකළ සමීක්‍ෂණයකින් එම තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි වාර්තා පෙන්වා දෙයි. සිරියා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යුද ජයග්‍රහණය සඳහා උපායමාර්ග ලෙස රසායනික අවි භාවිත කිරීම හේතුවෙන් මියගිය පිරිස මෙලෙස ඉහළ ගිය බවද එම වාර්තා අනාවරණය කරයි.

වාර්තාවලට අනුව වසර 2014 සිට 2018 දක්වා කාලය තුළදී පමණක් රසායනික අවි ප්‍රහාර එකසිය හයක් සිදුකර ඇති අතර එයින් තිහක් වසර 2014දීද, ප්‍රහාර විසිඅටක් වසර 2015දීද, ප්‍රහාර විසිතුනක් වසර 2016දීද, රසායනික අවි ප්‍රහාර දාහතක් වසර 2017දී සිදුකර ඇති අතර වසර 2018දී රසායනික අවි ප්‍රහාර අටක් සිදුකර ඇති බව වාර්තා පෙන්වා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon