සමස්ත ලංකා පාසල් ක්‍රීඩා නව පාසල් වාර්තා පිහිටු වූ අයේෂ්ට හරසර

  👤  1510 readers have read this article !
Published by : MB WEB 2018-10-16 08:32:12

රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි

මෙවර පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 14න් පහළ මීටර් සියය සහ මීටර් අසූව ධාවන තරග ඉසව්වේදී නව ශ්‍රී ලංකා පාසල් වාර්තාවන් පිහිටු වූ ගා/හෙන්නාතොට විද්‍යාවර්ධන විද්‍යාලයේ එස්.කේ. අයේෂ් මිහිරංග ක්‍රීඩකයා පිළිගැනීමේ උත්සවයක් හික්කඩුව නගර මධ්‍යයේදී පැවැත්විණ.

හික්කඩුව සිට විද්‍යාවර්ධන විද්‍යාලය දක්වා රිය පෙරහරකින් ජනතාවගේ ජය ඝෝෂා මැද විද්‍යාලය වෙත එන අතර පාසල ඉදිරිපිටදී පාසල් තුර්ය වාදක කණ්ඩායම පෙරටු කොටගෙන උත්සව ශාලාව වෙත ඔහු කැඳවාගෙන එන ලදී.

මෙම අවස්ථාව සඳහා හික්කඩුව නගරාධිපති විනී කාරියවසම්, දකුණු පළාත් සභා මන්ත්‍රි සම්මු ආරියවංශ, නාගරික මන්ත්‍රිවරුන් වන ප්‍රියන්ත වඩුගේ, සජීව නානායක්කාර, ලලිත් විජේසූරිය, ද.ප. ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ ආර්.එම්. ක්‍රිෂාන් දුමින්ද, අම්බලන්ගොඩ ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ දිමුතු අබේරත්න, ගා.දි.මලල ක්‍රීඩා පුහුණුකරු ආර්.එම්.රාජ්. නිරෝෂන්, පාසලේ ක්‍රීඩා උපදේශක ඩබ්. තිලංග නිෂාන්, විදුහල්පති ආර්.කේ. දිනේෂ් මහත්වරුන් සමඟ විශාල පිරිසක් රැස්ව සිටියහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon