දිප්පිටිය - පල්ලිපෝරුව පාරේ යන්න එන්න බෑ

  👤  1514 readers have read this article !
Published by : MB WEB 2018-10-16 07:17:03

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

දිප්පිටිය මංසන්ධියේ සිට පල්ලිපෝරුව දක්වා දිවෙන මාර්ගයේ මේ වන විට වාහන ගමනාගමනයට බාධා ඇති කරමින් තැනින් තැන විශාල වළවල් සෑදී ඇත. මාර්ගයේ කාපට් සේදී යෑම නිසා ජනතාව අපහසුතාවට පත්වී ඇති බව ජනතාව පැවැසූහ.

ඔවුන් පවසන්නේ බොහෝ අවස්ථාවන්වල දේශපාලනඥයන් පැමිණ මාර්ගය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බව පවසා යන අතර දැනට වසර ගණනාවක් තිස්සේ මාර්ගය කැඩී ගොස් ඇති බවයි.

දෛනිකව දහසකට වැඩි පිරිසක් මාර්ගය භාවිත කරන අතර මාර්ගය අලුත්වැඩියා නොකිරීම නිසා මාර්ගයේ වාහන ගමන් කිරීම අපහසු වී ඇති අතර වැසි සහිත දිනවල පයින් ගමන් කිරීමද දුෂ්කර තත්ත්වයක් වී ඇති බව ජනතාව කියති.

මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ජනතාව ඉල්ලා සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon