කිරුළ දෙනවා කියලා කවුරුත් මට තරගයට එන්න කිව්වේ නැහැ

  👤  2063 readers have read this article !
Published by : MB WEB 2018-10-18 14:29:57

ඔබ තවත් රූ රැජන කිරුළක හිමිකාරියක් වෙලා. සතුටකින්ද? ආඩම්බරයකින්ද ඉන්නේ?

ඇත්තටම සතුටක් තියෙනවා. මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් කිරුළ ලබාගන්න පුළුවන් වීම ගැන. මේ ලැබුණු කිරුළ මම තනියෙන් ලබා ගත්ත ජයග්‍රහණයක් නෙවෙයි.

මං වටා ගොඩක් ලොකු පිරිසක් හිටියා. විශේෂයෙන්ම මගේ සැමියාගේ උනන්දුවත් මගේ කැපවීමත් එක්ක තමයි මට මේ ජයග්‍රහණය, කිරුළ ලබා ගන්න පුළුවන් වුණේ. මගේ අම්මත් ලොකු සහයෝගයක් මට දුන්නා. මං වටා හිටපු හැමෝම දිනාගත්ත කිරුළක් මේක.

බොහෝ දෙනෙක් ආසාවෙන් හිටියා මම මේ කිරුළ ගන්නකල්.

ඒ කියන්නේ මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් කිරුළ දිනනවාමයි කියන බලාපොරොත්තුව තියාගෙනමද සුමුදු වැඩ කළේ?

මෙහෙමයි. මම 2012දී මිස් වර්ල්ඩ් තරගයට ගිය කෙනෙක්. 2011දීත් මම පැජන්ට් එකකින් දිනලා තියෙනවා. මට සාමාන්‍යයෙන් ඉලක්කයක් දුන්නොත් ඒ තැනට යන්න උපරිමයෙන් උත්සාහ කරනවා. මම මේ තරගය වෙනුවෙන් ඒ තරම් උපරිමයට මහන්සි වුණා. ඇඟ හදාගන්න මම උදේම ජිම් යනවා. ඊට පස්සේ ඩාන්සින් ප්‍රැක්ටිස් යනවා. මාස දෙකක් එක දිගට පුදුම මහන්සියක් වුණේ.

දින්නත් පැරදුණත් කරන වැඩේ උපරිමව කරන්න මට ඕන වුණා. මගේ සැමියා මට කිව්වේ ඔයා අවංකව උපරිම දේ කරන්න. එතකොට ඔයාට දුකක් හිතෙන එකක් නෑ කියලා. මගේ අම්මා මට කිව්වේ 'පුතේ ඔයා කරන දේ හරියට කරන්න. ඔයාට වරදින්නේ නෑ' කියලා. ඒ කතා දෙක මගේ ජීවිතයට ආශීර්වාදයක් ශක්තියක් වුණා.

සුමුදුට මේ කිරුළ ලබා ගන්න නොහැකි වෙලා වෙන කෙනෙක් මේ ජයග්‍රහණය ලබා ගත්තා නම් අවංකවම සුමුදුට සතුටු වෙන්න පුළුවන්ද?

දෙවැනි ස්ථානය දිනාගත්ත කෙනාටත් මම හදවතින්ම සුබ පැතුවා. මොකද මම කළ දේ උපරිමව කළා. වෙන කෙනෙක් ඒ ජයග්‍රහණය ගත්තත් මට අවංකව සතුටු වෙන්න පුළුවන්. ඛ්පධඹද එක දෙනවා කියලා මට කවුරුත් එන්න කිව්වේ නෑ. එහෙම කිව්වා නම් මම යන්නෙත් නෑ. මොකද මම බණ අහන, ආගමට අනුව කටයුතු කරන කෙනෙක්. චන්දිමාල් වුණත් බුදු දහමට ළැදි කෙනෙක්. එයා එදා ලකුණු දෙන එකත් බෑ කිව්වේ ප්‍රශ්න ඇති වෙයි කියලා හිතලා. එයා විනිශ්චය මණ්ඩලයටම ඒ කාර්යය භාරදීලා හිටියා.

ඕනම තරගයක් අවසානයේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් ගලාගෙන එනවා වගේම ඒ ගැන විවේචනත් එල්ල වෙනවනේ. සුමුදුටත් ඒ වගේ විවේචනවලට මුහුණ දෙන්න සිදුවෙන්න ඇති?

පැජන්ට් එකේ හිටපු අය නම් හිතුවේවත් නැති තරම් වෙනස්වීම්වලට ලක්වුණා. හැමෝම ඉතින් කිරුළ බලාගෙනනේ ඉන්නේ. නමුත් වෙන අය නම් මගේ ජයග්‍රහණය ගැන සතුටු වුණා. ගොඩක් අය මට කිව්වේ 'ඔයාගේ කැපවීම අපි දැක්කා. ඔයාට තමයි මේ කිරුළ ලැබෙන්න ඕන' කියලා. මට සතුටුයි ඒ ලැබිච්ච ප්‍රතිචාර ගැන. විනිශ්චය මණ්ඩලයේ හත්දෙනාම ජයග්‍රාහිකාව ලෙස නම් කරලා තිබ්බේ මාව.

සුමුදු මේ වෙනකොට ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හඳුනන කෙනෙක්. සුමුදුගේ ජනප්‍රියත්වය, හැඳුනුම්කම් මේ ජයග්‍රහණයට ඉවහල් වුණා කියලත් සමහරු හිතනවා?

එහෙම කතාබහ තරගයේ හිටපු අය අතරත් තිබුණා. මට අවුරුදු 29යි. මම කළ කැපවීම හැමෝම ඇස් දෙකෙන් දැක්කා. මේ තරගයේ ගොඩක් අය එක්ක හැඳුනුම්කම් තියෙන තව තුන්දෙනෙක්, හතර දෙනෙක් හිටියා. මම ප්‍රසිද්ධයි. කට්ටියව දන්නවා කියලා කතා ගියා. මම ගොඩක් අය දන්නවා වුණාට මෙතැනදි හැඳුනුම්කම්වලට දේවල් ලැබුණේ නැහැ. ඕඥඵබ ර්ථීඩධබධඨඥදඪජ තෝරද්දි ඒ තේරීම් කරපු අයියා මම දන්න කෙනෙක්. එයා තනි මතයට ඒ තේරීම කළේ. ඔහු සාධාරණ තේරීමක් කරලා තිබ්බා. ර්ථීඩධබධඨඥදඪජ වුණු කෙනාටත් මම හදවතින්ම විෂ් කළා.

ඉනධපබඵවලදී මම තුන් වැනි ස්ථානය ගත්තේ. එතැනදිත් හැඳුනුම්කම්වලට තේරීම් ගියා කියලා කට්ටිය කිව්වා. එහෙම හැඳුනුම්කම්වලට දෙනවා නම් මම ඒ අංශයෙන් පළමුවැනියා වෙන්න ඕනෙනේ. තමන්ගේ වාසනාව සහ කැපවීම එක්ක තමයි ලැබෙන දේවල් ලැබෙන්නේ.

මේ වගේ තරගයකට ඉදිරිපත් වෙද්දි බිරියක්, මවක් ලෙස ඉටු කරන වගකීම් මිස් වෙන්නත් ඇති?

මම පුතා ලැබෙන්න ඉන්නවා කියලා දැන ගනිද්දීම මම ඒ වෙනකොට කරපු නිවේදන වැඩ කටයුතුවලින් පවා ඉවත් වුණා. මොකද මම පුතා වෙනුවෙන් පරිස්සම් විය යුතු නිසා. මම අවුරුදු දෙකක්ම පුතා ළඟම හිටියේ.

පුතා අවුරුදු එකහමාරක් යන කල් මගේ කිරි බිව්වා. එයාම මගේ කිරි බොන එක නවත්තනකල් මම එයාට කිරි දුන්නා. මගේ සැමියට, මගේ අම්මට හැරෙන්න මම පුතාව බලන්න කාටවත්ම දීලා නැහැ. මම මුල් දවස්වල තරගයේ රියර්සල්වලට පුතාව අරගෙන ගියා. ඒත් එතකොට මට කරන දේ හරියට කරගන්න අමාරුයි. ඊට පස්සේ මගේ අම්මා එක්ක පුතාව තියා ගත්තා. මිථිල මට ලොකු සහායක් දුන්න නිසා ඒ දේවල් මට හරියට කරගන්න පුළුවන් වුණා.

සමහර සැමියන් බිරියව නිවෙසට කොටු කරද්දී සුමුදුගේ සැමියා ඊට වෙනස් පසුබිමක් ඔබට නිර්මාණය කරන්න මහන්සි වෙනවා නේද?

ඇත්තටම මේ පැජන්ට් එකට මාව දාන්න ඕන වුණේ මිථිලට. 2012 මිස් ශ්‍රී ලංකා තරගයේදී ඛ්පධඹද ර්ධථඥදබ එක මට නැති වුණා. එයා කැමැති වුණා මම මේ තරගයට ඉදිරිපත් වෙනවට. මම ච්ඪඥබ ර්ථීතචද එකක් හදාගෙන තමයි මේ තරගයට ඉදිරිපත් වුණේ. ඉතින් මිථිල මගේ ච්ඪඥබ ර්ථීතචද එකට අවශ්‍ය කෑම හදලා තියලා තමයි ඒ කාලසීමාවේ ඔෆිස් ගියේ. මම එයා හදපු කෑම තමයි කෑවේ. ඒ තරම් එයා මට උදවු කළා.

දින්නට පස්සේ එයා කියපු දේ තමයි 'ඔයාට 2012දී ඛ්පධඹද ර්ධථඥදබ එක අහිමි වුණා. මම අවුරුදු හයක් දුකින් හිටියේ. මම කිරුළ දින්නම එයා ගොඩක් සතුටු වුණා කියලා. මම සමහර දේවල් බෑ කියද්දි එයා හරි දේ තෝරගන්න මට මඟ පෙන්නුවා. පැජන්ට් එකේ හිටපු සමහර අයගේ සැමියන් ඔවුන්ට ලිමිට් දාද්දි මිථිල මට ඒ කටයුතු හරියට කරන්න උපරිම සහාය දුන්නා.

ඔබ මේ තරගයේදී සිංහල භාෂාවෙන් කතා කිරීම සහ බුදු දහම ගැන කතා කිරීම ගැන බොහෝ අය විවිධ අදහස් පළ කරලා තිබුණා?

ඔව්. මම සාමාන්‍ය කෙනෙක්. මට ඕන වුණේ කරන දේ අවංකව කරන්න. බොරු සෝබනවලට මම කැමැති නැහැ. මම හරියට හිටියොත් මට ඕන කෙනෙක්ට ආදර්ශයක් වෙන්න පුළුවන්.

මම ආසාවෙන් කරන පින් කටයුතු තියෙනවා. ඒවා මම ප්‍රසිද්ධිය බලාගෙන කරන වැඩ නෙවෙයි. ඒ වගේම මට මවු භාෂාව කතා කරන්න ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. 2012 මිස් වර්ල්ඩ් වුණේ චීනයේ කෙනෙක්. එයාට ඉංග්‍රීසි කතා කරන්න බෑ. 2011 මිස් වර්ල්ඩ් වුණ වෙනිසියුලාවේ රූ රැජනටත් ඉංග්‍රීසි කතා කරන්න බෑ. මවු භාෂාව කතා කරන එක ලැජ්ජාවක් නෙවෙයි. ඉංග්‍රීසි භාෂාව මැනේජ් කරගන්න පුළුවන් නම් ඒක වටිනවා.

මේ අභියෝගයට මුහුණ දුන්නා වගේම මිසිස් වර්ල්ඩ් කිරුළ දිනන එකත් අභියෝගයක්. රෝසි සේනානායකට පස්සේ ඒ කිරුළ ලංකාවට ගේන්න සුමුදුට පුළුවන් වෙයිද?

මම ඉස්සෙල්ලාම උත්සාහ කළේ මේ තරගයෙන් ජයග්‍රහණය කරන්න. මිස් වර්ල්ඩ් තරගයට ගිහින් ලබා ගත්ත අත්දැකීම් සහ මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් තරගයෙන් ලබා ගත්ත අත්දැකීම් එක්ක ඊටත් වඩා මිසිස් වර්ල්ඩ් තරගය වෙනුවෙන් මම කැප වෙනවා. රෝසි සේනානායකට පස්සේ අවුරුදු 33කින් තමයි මිස් වර්ල්ඩ් ගිය කෙනෙක් මිසිස් වර්ල්ඩ් තරගයටත් යන්නේ. මම උපරිම ඒ වෙනුවෙන් කැප වෙනවා.

ඒ කියන්නේ නිශ්චිතම බලාපොරොත්තුවක් නැද්ද?

මෙහෙමයි. මම දිනනවම කියනවා නෙවෙයි. නමුත් මම ඒ තැනට යන්න උපරිමය කරනවා. උපරිම කැප කිරීම කළාම හිත රිදවා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. මම මේ තරගයේ කළ කැප වීමටත් වඩා කැප වීමක් මහන්සියක් ඒ තරගය වෙනුවෙන් කරනවා. වාසනාව සහ මගේ කැපවීම එක්ක ඒ කිරුළ ලංකාවට අරන් එන්න උත්සාහ කරනවා.

සුමුදුට ආයෙත් රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?

පුතා ලැබුණට පස්සෙත් ආරාධනා ලැබුණා. නමුත් පුතාව දාලා යන්න බැරි නිසා ඒවා භාර ගත්තේ නෑ. පුතාට අවුරුදු දෙකහමාරක් වෙද්දි නර්සරි දාන්න ඉන්නේ. ඊට පස්සේ මට ගැළපෙන හොඳ දෙයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

මොනවද ඉදිරියේ තව සැලසුම් කරගත් වැඩ?

'මාවත' සමාජ ජාලය එක්ක එකතු වෙලා සමාජ වැඩ කටයුතු කිහිපයක්ම කරනවා. මමයි මිථිලයි ගමේ පන්සලේ බුදු ගෙයට ටයිල් අරගෙන දුන්නා. පන්සලේ දාගැබ හදලා දෙන වැඩ කටයුතුත් කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. මිසිස් වර්ල්ඩ් තරගයට මේ කාලසීමාව මහන්සි වෙලා සමාජ සේවා වැඩ කටයුතු පුරුදු විදියට කරගෙන යනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඡායාරූප - එෂාන් දසනායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon