ඉලුක්කුමාරි වැවේ වැඩ අතරමඟ

  👤  1549 readers have read this article !
Published by : MB WEB 2018-10-12 09:16:47

මනම්පිටිය - නිමල් ජයරත්න

රුපියල් ලක්ෂ සියයකට ආසන්න මුදලක් යොදවා දිඹුලාගල මනම්පිටිය ඉලුක්කුමාරි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර වසරක් ගත වුවද එම වැඩකටයුතු අතරමඟ නතර වී ඇත.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන මත ඉලුක්කුමාරි වැවේ පාසි මෙන්ම ජලජ පැළෑටි ඉවත් කිරීමට වැඩ ආරම්භ කරන ලද්දේ 2017 අගෝස්තු 01 වැනිදාය.

එහි වැඩකටයුතු ආරම්භ කර මාස දෙකක කාලයක් වැඩ කිරීමෙන් පසු කිසිදු නිමාවක් නොමැතිව ජලජ, පැළෑටි ඉවත් කිරීම අතර මඟ නතර කර නිලධාරීන් පලාගොස් ඇති බව ච්05/105ඕ/දිඹුලාගල ඉලුක්කුමාරි බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති එම්. ඩබ්ලිව්. ධර්මදාස මහතා පැවැසීය.

මෙම වැව යටතේ ගොවි පවුල් 96ක් කුඹුරුවල වී වගා කරන අතර එම කුඹුරු සඳහා ප්‍රමාණවත් ජලය වැව තුළ රඳවා ගැනීමට නොහැකි වීමෙන් ගොවීහු දැඩි අසීරුතාවට මුහුණ පා සිටින බවද ධර්මදාස මහතා පෙන්වා දුන්නේය.

මහවැලි 'බී' කලාපයේ දිඹුලාගල - ඉලුක්කුමාරි ගොවි සංවිධානයේ සභාපති එම්. ඩබ්ලිව්. ධර්මදාස මහතා මෙලෙස ගොවීන් මුහුණ පා ඇති තත්ත්වය විස්තර කළේය.

බී කලාපයේ වැව් පහක් අලුත්වැඩියා කරන්න රජයෙන් මුදල් වෙන් කළා. අනෙක් වැව් හතරේ වැඩ අවසන් වෙන්නත් ළඟයි. ඉලුක්කුමාරි වැවේ ජලජ, පාසි වර්ග ඉවත් කිරීම අතරමඟ නතර වෙලා.

මේ ගැන ගොවි සංවිධානයක් හැටියට අපිව දැනුවත් කළේ නැහැ. උත්සවයට ආපු අයටයි, වැඩ කරන අයටයි ගොවි සංවිධානයේ සල්ලිවලින් රුපියල් 50,000ක විතර තේ අරන් දුන්නා. නමුත් වැවේ වැඩ අතර මඟ නතර කරලා නිලධාරීන් මඟ අරිනවා. සමහර ට්‍රැක්ටර් පැය 8ක් වැඩ කළාට පැය අටකට මුදල් ගෙවලා බිල් දාලා වංචා කරලා තියෙනවා. මේ ගැන සොයා බලා අපේ වැව ගොඩදාලා ගොවියන්ට කුඹුරු කරන්න වැවට වතුර ටික පුරවා ගන්න පරිසරය හදලා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳව පොළොන්නරුව වාරිමාර්ග කාර්යාලයෙන් අප කළ විමසීමකදී එහි නිලධාරියකු පැවැසුවේ. එම වැවේ තත්ත්වය පිළිබඳ තමාට පිළිතුරු දිය නොහැකි බවත් ඒ පිළිබඳ සොයා බලන බවත්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon