බදුල්ල ක්‍රිකට් පිටිය වල් බිහිවෙයි

  👤  1780 readers have read this article !
Published by : MB WEB 2018-10-12 07:51:40

දෙමෝදර - ජයලත් දිසානායක

ක්‍රීඩාංගණයේ එක් අන්තයක විශාල වශයෙන් වල් බිහිව කැලෑවක් නිර්මාණය වී තිබේ. එමෙන්ම නිසි ක්‍රීඩා මණ්ඩපයක් නොමැති අතර පානීය ජලය මෙන්ම වැසිකිළි පහසුකම්ද අවම මට්ටමක පවතින බවයි ක්‍රීඩකයන් වැඩිදුටත් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ එම්. ඉෂාන්

අප පාසල් යන කාලයේ සිටම මේ දක්වා ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ මෙම ක්‍රීඩාංගණයේයි. නමුත් තවමත් එදා තිබුණ තත්ත්වයේමයි මෙම ක්‍රීඩාංගණය පවතින්නේ. කිසිදු බලධාරියෙක් මේවා පිළිබඳව සොයා බලලා කටයුතු කරන්නේ නැහැ. අපි ක්‍රිකට් ක්‍රීඩාවට පන්දු අරගන්නේ බොහෝම අමාරුවෙන්. අපේ ක්‍රීඩා සංගම්වලට විශාල ලෙස සල්ලි නැහැ. එක් තරගයක් නිමා කරගන්න පන්දු රැසක් අරගන්න තත්ත්වයකට අද පත්වෙලා.

මොකද එයට හේතුව තමයි ක්‍රීඩාංගණයට යාබදව පිහිටා ඇති කැලෑව. අනන්තවත් අපේ පන්දු එහි නැතිවෙනවා. සමහර වෙලාවට පන්දුව හොයාගන්න බැරිව තරගය අතරමැද නවතා දමන තත්ත්වයකටත් පත්වෙනවා.

දිනේෂ් චන්දන
බදුල්ලේ ප්‍රධාන පෙළේ විද්‍යාල අතර තියෙන වාර්ෂික ක්‍රිකට් තරගාවලි මෙන්ම ක්‍රීඩා සංගම් අතර පැවැත්වෙන සියලුම තරග පැවැත්වෙන්නේ මෙම ක්‍රීඩාංගණයේයි. නමුත් මෙතරම් වටිනාකමකින් සමන්විත ක්‍රීඩාංගණයේ නඩත්තුව ගැන බලධාරීන් නිසි ලෙස කටයුතු කරන්නේ නැහැ. ක්‍රීඩකයකුට කෑම ටිකක් කන්න හරි හමන් තැනක් නැහැ.

නිසි වැසිකිළි පහසුකම් නැහැ. ක්‍රීඩකයන්ට විතරක් නෙවෙයි තරග සඳහා පැමිණෙන විනිසුරුවන්ට වගේම නිලධාරීන්ට තරග සංවිධාන කටයුතු මෙහෙයවීමට අවශ්‍ය පහසුකම් කිසිවක් මෙම ක්‍රීඩාංගණයේ නැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon