පැලවත්තේ නිමි ඇඳුම් හළක ගින්නක්

  👤  1976 readers have read this article !
Published by : MB WEB 2018-10-11 18:02:54

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබේ.

රෙදිපිළි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන මෙම ස්ථානයේ අද(11) උදෑසන මෙම ගින්න හට ගෙන ඇත.

ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, සිදුව ඇති හානිය මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි.

තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon