රතුපස්වල සිද්ධියේ සැකකාර හමුදා සාමාජිකයන් හතර දෙනාට එරෙහි නඩුව ජනවාරි 04 දාට කල් තබයි

  👤  1290 readers have read this article !
Published by : MB WEB 2018-10-11 14:01:25

මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල

ගම්පහ රතුපස්වල ජනතාව පිරිසුදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ සිදු කළ උද්ඝෝෂණයට වෙඩි තබා පහරදී තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බි්‍රගේඩියර්වරයා ඇතුළු සැකකාර යුද හමුදා සාමාජිකයන් හතර දෙනාට විරුද්ධව ඇති නඩුව ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා විසින් ඊයේ (10දා) ලබන වසරේ ජනවාරි මස 04 වැනිදාට කල් තැබීය.

නීතිපති උපදෙස් පැතීම සඳහා එම නඩු ගොනුවේ උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැතැයි පැමිණිල්ල මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා එම නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පැවැසීය.

2013 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිදා වැලිවේරිය නගරයේදී සිදුකළ එම වෙඩි තැබීම සහ පහරදීමේ චෝදනාව මත ඇප මත සිටින යුද හමුදා බි්‍රගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සැකකාර යුද හමුදා සාමාජිකයන් සිවුදෙනා ඊයේ (10දා) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අතර නැවත ජනවාරි 04 අධිකරණයේ පෙනී සිටින ලෙසට එම සැකකරුවන්ට නියම කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon