වේපතඉර හේමාලෝක හිමියන්ට බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය 14 වැනිදා

  👤  1168 readers have read this article !
Published by : MB WEB 2018-10-11 17:07:35

දෙනගම ධම්මික රණවීර

පිළියන්දල වෑවල උද්යෝගිපුර සිරි විජයාරාමාධිපති හක්මණ වේපතඉර ශ්‍රී සුදර්ශන පොත්ගුල් පුරාණ විහාර සම්මාන විහාරාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය වේපතඉර හේමාලෝක හිමියන්ට ශ්‍රී ධම්මාවාස සාරානන්දාභිදාන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය ඔක්තෝබර් 14 වැනිදා ප.ව. 2ට මාතර උෟරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේදී සිදුකෙරේ.

ශ්‍රී රෝහණ සංඝ සභාවේ උත්තරීතර මහා නායක පූජ්‍ය උඩුමලගල මහින්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් විදේ‍යාදය පරිවේණාධිපති දර්ශනපති බළන්ගොඩ සෝභිත නාහිමි, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසකගේ සහභාගිත්වයෙන් මේ අක්තපත්‍ර ප්‍රදානය සිදුකිරීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon