වයඹ පළාත් ක්‍රීඩා ශූරතාව කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමට

  👤  1354 readers have read this article !
Published by : MB WEB 2018-10-10 14:41:13

ලුණුවිල රෝස් කොලින්

වෙන්නප්පුව ශ්‍රී මත් ඇල්බට් ඇෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පසුගිය දින දෙකක් පුරා පැවැති වයඹ පළාත් ක්‍රීඩා උළෙලේදී කාන්තා හා පිරිමි ශූරතාවන්ද සමඟ සමස්ත ශූරතාව ලකුණු 214ක් ලබාගත් කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමට හිමිවූ අතර ලකුණු 129ක් ලබාගත් පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායමට අනුශූරතාව හිමිවිණි.

වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෙස එක්වූ අතර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.ඇම්.එන්. ප්‍රේමසිරි මහතාද ඊට එක්විය. ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩාකයා ලෙස කුරුණෑගල ඩී.ඇම්.සී. දිසානායකත් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පුත්තලම හෂිනි ප්‍රබෝදාත් තේරී පත්වූහ.

ශුරතා හා ත්‍යාග ප්‍රදානය වයඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය අතින් සිදුවිය.

සමස්ත ශූරතාව දිනාගත් කුරුණෑගල දිස්ත්‍රික් පිලත් මීටර් 400 × 4 සහාය දිවීමේ පිරිමි ශූරතාව දිනාගත් පුත්තලම් දිස්ත්‍රික් පිලත්
මීටර් 400×4 සහය දීවීමේ කාන්තා ශූරතාව දිනාගත් පුත්තලම් දිස්ත්‍රික් පිලත් ඡායාරූපවල දැක්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon