ටෙහාන් ජීවිතේ මඟහැර ගත් දේ ගැන බිරිය කිව්ව කතාව

  👤  3134 readers have read this article !
Published by : MB WEB 2018-10-07 18:08:32

"උණුසුම" කියන්නේ වසර කිහිපයකට කලින් අපි අතරට ආපු හැබැයි තාමත් ජනප්‍රිය ගීතයක්. ඒ ගීතයේ ගායකයා තමයි ටෙහාන් පෙරේරා. ඒ ගීතයට පස්සෙත් ඔහු ගයපු ගීත ගොඩක් ජනප්‍රිය වුණා. සංගීත ජීවිතයේ ජනප්‍රිය ලකුණක් වුණු ටෙහාන්ගේ ජීවිතයේ හොඳම හරිය දන්නේ ඔහුගේ බිරිය. ඉතින් ටෙහාන්ගේ චරිතය ගැන හරියටම දැනගන්න අපි ඔහුගේ බිරිය හෂානි පෙරේරා සමඟ කතාබහ කළා.

පෙම්වතා කාලේ ටෙහාන

ඒ කාලේ ටෙහාන් හරිම විනෝදෙන් හිටිය කෙනෙක්. එතකොට ඉතින් වගකීම් එහෙමත් අඩුයි. හරිම සුන්දරයි පෙම්වතා කාලේ....
සැමියෙක් විදියට

අපි විවාහ වුණා කියලා ලොකු වෙනසක් වුණේ නැහැ. තාමත් පෙම්වතා කාලේ වගේම විනෝදෙට බරයි. හැබැයි ඒ කාලේ තිබ්බ නිදහස එක්ක බලද්දි දැන් නිදහස අඩුයි. වගකීම් වැඩිවෙලා දැන්.

තාත්තා කෙනෙක් විදියට

බබාට ගොඩක් ආදරෙයි. හැම තිස්සෙම බබා ගැන හොයලා බලනවා. හිතාගන්න බැරි විදියට වගකීම් සහගතයි. බබාව ඉස්කෝලෙට දාන්නේ වගේම ගන්නෙත් ටෙහාන්ම තමයි.


ටෙහාන් ඉස්සර ඉඳලාම වගකීම් සහගතද..?

නැහැ ඉස්සර එහෙම නැහැ. විනෝදෙට බරයි ගොඩක්. හැබැයි බබා හම්බවුණාට පස්සෙ සෑහෙන්න වගකීම් සහගත වුණා. ගතිගුණ නම් ඉස්සර වගේම තමයි තාමත්.

තාත්තගෙයි දුවගෙයි අතර තියෙන බැඳීම

ඒ දෙන්න හරිම සමීපයි. ලොකු බැඳීමක් තියෙනවා. දුව මොකක් හරි වෙච්ච ගමන් දුවල ගිහින් ටෙහාන්ට තමයි කියන්නේ.

ගෙදර වැඩවලදී දෙන සහයෝගය

මම බිස්නස් කරන්නේ. ඒ බිස්නස් එකට ටෙහාන් ගොඩක් උදවු කරනවා.

ටෙහාන්ට කේන්ති ගියාම

ටෙහාන්ට ඉක්මනට කේන්ති ගිහින් ඒ ඉක්මනට කේන්තිය බැහැලා යනවා. කේන්ති ගිය වෙලාවට කෑ ගහනවා අඩුයි. සෝඩා බෝතලේ කැඩුවා වගේ තමයි. ක්‍ෂණික කේන්තියක් තියෙන්නේ.

ටෙහාන්ට දුක හිතුණාම

අපි දෙන්න අතරේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම මම සද්ද නැතුව ඉන්නවා. හැබැයි ටෙහාන් ඒවා කතා කරලා විසඳගන්නවා. වෙන මොකක් හරි දේකට දුක හිතුණත් එයා මාත් එක්ක ඒ ගැන කියනවා.


යන්න කැමැති තැන්

ටෙහාන් එක එක තැන්වල ඇවිදින්න කැමැතියි. ගොඩක්ම කැමැති සිංගප්පූරුවලට යන්න. ඒක නිසා අපි හතර පාරක් විතර සිංගප්පූරු ගිහින් තියෙනවා. ටෙහාන් ලංකාවේ වුණත් දැකල නැති තැන්වලට යන්න ආසයි.

වැඩිපුරම ආදරේ කරන අය

ටෙහාන් එයාගේ පවුලේ අයට ආදරෙයි. ඒ වගේම එයාගේ වටේ ඉන්න යාළුවන්ටත් ගොඩක් ආදරෙයි.

ටෙහාන්ගේ නරක පුරුදු

ටෙහාන්ගේ එහෙම කිසිම නරක පුරුද්දක් නැහැ. කිසිම මත්ද්‍රව්‍යයක් භාවිත කරන්නෙත් නැහැ. ඒ අතින් මම හරිම වාසනාවන්තයි.

ටෙහාන්ට නිතරම අමතක වෙන දේවල්

ටෙහාන්ට එයාගේ වාහනේ යතුර තියෙන තැන අමතක වෙනවා. ඉතින් හැමදාම උදේට විනාඩි 15ක් විතර වාහනේ යතුර හොයනවා.

ටෙහාන්ගේ වෙනත් දක්ෂතා

ටෙහාන්ට හොඳ දැනුමක් තියෙනවා. මගේ බිස්නස් එකේ වැඩවලදිත් ඔක්කොම ගණන් හදන්නේ එයා. ඉක්මනට හිතෙන් ගණන් හදන හැකියාවක් එයාට තියෙනවා.

ටෙහාන්ගේ ජීවිතයේ මඟහැරුණු දේවල්

ටෙහාන් ර්ණී/ඹ් වලින් පස්සේ කෙළින්ම මියුසික් ෆීල්ඩ් එකට ආවා. ඒ/ඹ් කළේ නෑ. ඒකෙන් එයාට පාඩුවක් වුණේ නෑ. හැබැයි මම හිතනවා ඒදේ නිසා එයාට පාසල් කාලේ අහිමිවුණා කියලා.

අතේ සල්ලි ගැවසෙන වෙලාවට

ටෙහාන් හරි කැමැතියි අලුත් අලුත් කෑම ජාති කාලා බලන්න. ඉතින් අතේ සල්ලි තියෙන වෙලාවට රෙස්ටූරන්ට්වලට ගිහින් අලුත් අලුත් කෑම ජාති කනවා. එහෙම නැත්තම් ඒවා ඕඩර් කරනවා.

ටෙහාන් තීරණ ගනිද්දී මුල් තැන දෙන්නේ කාටද..?

ටෙහාන් මොකක් හරි දෙයක් ගැන තීරණයක් ගනිද්දී මගෙන් ඒ ගැන අහනවා. ඊට පස්සේ එයාගේ තාත්තගෙන් තමයි අහන්නේ. මොකද ඉස්සර ඉඳලම ටෙහාන් තාත්තා කියන දේවල් ගොඩක් අහනවා.

ටෙහාන්ට තිබෙන කාන්තා ආකර්ෂණය

අපි දෙන්නා යාළු වෙනකොට මට අවුරුදු 14යි. ටෙහාන්ට 17යි. ඒ කාලේ ඉඳලම එයාට කාන්තා ආකර්ෂණය තිබුණා. හැබැයි මට ඒක බලපෑවේ නෑ. මොකද ඒ දේත් එක්කනේ අපි ඉස්සරහට ආවේ.

ෆැෂන්වලට තියෙන කැමැත්ත

ටෙහාන් ෆැෂන් කරන්න නම් ගොඩක් කැමැතියි. වෙඩින්වලට, ෂෝවලට යනකොට එහෙම ඇඳුම් ගැන ගොඩක් හිතනවා. රබර් සෙරෙප්පු දාලා එළියට යනවත් ගොඩක් අඩුයි.

ජීවිතේ මුල් තැන දෙන දේවල්

මියුසික්වලට ටෙහාන් මුල් තැන දෙනවා. ඒත් එක්කම පවුලේ වැඩ වෙනුවෙනුත් ගොඩක් කැප වෙනවා. ඒ දෙකම සමබරව කරගෙන යනවා.

ටෙහාන් ඔයාගේ ජීවිතේ සීමා කරපු දේවල්

යාළුවෙලා ඉන්න කාලේ ටෙහාන් කැමැති වුණා මට දිග කොණ්ඩයක් තියෙනවට. කොණ්ඩේ කපන්න දුන්නේ නැහැ. හැබැයි දැන් එහෙම නැහැ. මොනවා කළත් දෙන්නා අතරේ විශ්වාසයක් තියෙනවා.

ටෙහාන් ගැන අපි නොදන්න රහස්

ටෙහාන්ට බිස්නස් කිරීමේ හොඳ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව එයාට පවුලෙන්ම ආපු දෙයක්. ඉක්මනට ගණන් හදන්න පුළුවන්. හැබැයි මියුසික් නිසා ටෙහාන්ගේ ව්‍යාපාර හැකියාව එළියට එන්නේ නෑ.

උදාරා ඉන්දීවරී ජිනදාස

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon