ශ්‍රී ලංකා එංගලන්ත සටනේ පළමු පෙරහුරුව අද ඕවල් හිදී

  👤  1875 readers have read this article !
Published by : MB WEB 2018-10-05 07:17:41

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමඟ අද (5දා) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු පුහුණු එක්දින ක්‍රිකට් තරගයේ නායකත්වය ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හට හිමි වී ඇත. තවද කලකට පසුව ළහිරු තිරිමාන්න එක්දින කණ්ඩායමකට නම් කර තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව පළමු එක්දින පුහුණු තරගය සඳහා නම් කළ සංචිතය මෙසේය, දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩෙසේ, ශෙහාන් මධුසංක, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, නිෂාන් පීරිස්.

මේ අතර හෙට (6දා) පැවැත්වෙන දෙවැනි පුහුණු එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිමුත් කරුණාරත්න හට හිමි වී ඇති අතර එම තරගය සඳහා පළමු තරගයේ අතිරේක ක්‍රීඩකයන් වූ අවිෂ්ක ප්‍රනාන්දු, අසේල ගුණරත්න, චරිත් අසලංක සහ ඉසුරු උදාන නම් කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon