සමස්ත ලංකා ළමා චිත්‍ර තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය අයි.කේ. ඩිමල්කා ඉඳුරන්පිටියට

  👤  1797 readers have read this article !
Published by : MB WEB 2018-10-05 07:56:23

පැල්මඩුල්ල - හේමන්ත සිරිපුර

ගිරාගම සෞන්දර්ය ගුරු විදුහල් පරිශ්‍රයේදී පැවැති සෝලියස් මැන්දිස් සමස්ත ලංකා ළමා චිත්‍ර තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් පිරිනැමෙන අති විශිෂ්ට සම්මාන සහතිකය පැල්මඬුල්ල ධර්මාලෝක මහා විද්‍යාලයේ අයි.කේ. ඩිමල්කා ඉඳුරන්පිටිය ශිෂ්‍යාව හිමිකරගෙන ඇත.

සෝලියස් මැන්දිස් පදනම, සමස්ත ලංකා චිත්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශය හා එක්ව මෙම තරගාවලිය සංවිධානය කර ඇත.

කුඩා කල සිටම චිත්‍ර කලාවට දක්‍ෂතා දක්වන ඇය දිස්ත්‍රික්, පළාත් හා සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රැසක් මේ වන විට හිමිකරගෙන ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon