එංගලන්ත සමඟ තරගාවලිය ටිකක් බරට ගන්න වේවි - සංගක්කාර
ඡාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ ඉහළම ස්ථානයක පසුවන එංගලන්තය සමඟින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට විශාල අභියෝගයක් වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර පවසා තිබේ.
විදෙස් මාධ්‍යයකට අදහස් දක්වමින් සංගක්කාර වැඩිදුරටත් පවසා ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩකයන් රැසක් සිටින සමබර එංගලන්ත කණ්ඩායම රංගන හේරත් ප්රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ පාලනය කිරීමට හැකි වුවහොත් එය ශ්‍රී ලංකාවට තීරණාත්මක සාධකයක් වනු ඇති බවය.
"වර්තමාන එංගලන්ත කණ්ඩායමට ලෝකයේ ඕනෑම තණතීරුවක වෙනස් වීමට හැකියාව තියෙන නිසා ඒක අනෙකුත් කණ්ඩායම්වලට ලොකු අභියෝගයක්. ඔවුන්ට හොඳ පිතිකරණ බළඇණියක් තියෙනවා. ඒක අංක 10 දක්වා විහිදී යන නිසාත්, තුන් ඉරියව් ක්‍රීඩකයන් රැසක් කණ්ඩායම තුළ ක්‍රීඩා කරන නිසාත්, ඒ තුළින් ඔවුන්ට අමතර වාසියක් ලැබෙනවා.
ඒක ඔවුන් පසුගිය ඉන්දීය හා පාකිස්තානු තරගාවලිවලදී ඔප්පු කරලා පෙන්නුවා. ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තොත් ආසියානු ක්‍රිකට් තරගාවලියේදී ලැබූ කටුක බව මඟහරවා ගැනීම සඳහා මේ තරගාවලිය ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් තරගාවලියක් වෙනවා වගේම ඔවුන් (ශ්‍රී ලංකාව) රංගන හේරත්ගේ දායකත්වයෙන් තව ජයග්‍රහණයක් ලබාගැනීමට උත්සාහ දරාවි. ඒ ගමන පහසු වීමට නම් පළමු ඉනිමට විශාල ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත යුතුයි" යනුවෙන්ද සංගක්කාර සඳහන් කර තිබිණි.
අද මව්බිමෙන්
- නීති විරෝධී සීමාවාසික වෛද්‍ය පත්වීම් දීම අත්හිටුවන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍ය මවුපියන්ගෙන් ජනපතිට ලිපියක් 🕔2019-02-20
- 2018 ජනවාරියට වඩා 2019 ජනවාරියේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යෑමක් 🕔2019-02-20
- බෝගවලට වන හානි වැළැක්වීමට කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයෙන් නව වැඩපිළිවෙළක් 🕔2019-02-20
- එජාපය ප්රමුඛ කණ්ඩායම පරාජය කිරීමට නම් එජාප විරෝධී බලවේග එකම පෙරමුණකින් තරග කළ යුතුයි 🕔2019-02-20
- රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අස්සන සමඟ උප්පැන්න සහතිකය භාෂා ත්‍රිත්වයෙන්ම 🕔2019-02-20
- අතීතය නමැති තුවාලය පාරමින් වෛර කර පලක් නෑ 🕔2019-02-20
- අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම මධුෂ්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව මැළිකමක් දක්වනවා 🕔2019-02-20
- දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ 🕔2019-02-20
- පසුගිය වසර තුළ පොල් රට පැටවීමෙන් බිලියන 95ක ආදායමක් 🕔2019-02-20
- යක්කුරේ කනිටු විදුහලේ ක්‍රීඩා උළෙල වර්ණවත් වෙයි 🕔2019-02-20
- දරුවෝ සුරකිමු 🕔2019-02-20
- උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සහ ධීවරයන් තවදුරටත් මෙරට අත්අඩංගුවේ 🕔2019-02-20
- 2018 වසරේ අලි මරණ 311ක් 🕔2019-02-20
- පලාලි සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාව හා පලාලි අතර වූ ගිවිසුම වෙනස් කිරීමට තීරණ 🕔2019-02-20
- රජයේ විධායක නිලධාරීන් 27දා සංකේත වර්ජනයක 🕔2019-02-20
- සිමෙන්ති කොට්ටය රු. 100කින් ඉහළට 🕔2019-02-20
- උ.පෙළ - 2019 අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනයන් ප්‍රකාශයට පත්කෙරේ 🕔2019-02-20
- ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා සතොස නිලධාරියකු පැහැර ගත් හය දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග 🕔2019-02-20
- මවට පිහියෙන් ඇන ඇතැයි සිතූ තරුණ බිරිය සැමියාට පොරොවෙන් කොටලා 🕔2019-02-20
- අවිවාහක තරුණියකට උපන් දරුවා හදාවඩා ගන්නට වෙනත් මවකට දීලා 🕔2019-02-20