16 වැනි ජාතික වූෂු ශූරතා තරගාවලිය දාඔෂු රන් පදක්කම ඩී.එම්.එච්.සී.බණ්ඩාරට

  👤  1453 readers have read this article !
Published by : MB WEB 2018-10-04 08:29:46

ශ්‍රී ලංකා වූෂු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 16 වැනි ජාතික වූෂු ශූරතා තරගාවලිය අද(4දා) නිමාවට පත්වීමට නියමිත අතර ඊයේ(3දා) දිනයේදී තාඕලු අංශයේ චන්චුවාන්, තායිජි වුවාන් සහ නන්දාඕ ඉසව් නිමාවට පත්විය.

එහිදි 3 වැනි අන්තර්ජාතික චන්චුවාන් ඉසව්වේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය එස්.ඊ.චන්දිරම් විසින්ද එම කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය ආර්.එන්.ධර්මරත්න විසින්ද දිනාගන්නා ලදී. තවද 3 වැනි අන්තර්ජාතික තායිජිචුවාන් ඉසව්වේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය එන්.ඩී.අධිකාරී හිමිකරගනිද්දී ඩබ්ලිව්.ඒ.බෝමිනී අල්විස් එම කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වූවාය.

කෙසේ වෙතත් දුෂ්කර අභ්‍යාස සහිත තායිජිචුවාන් ඉසව්වේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය ඒ.එම්.පී.කුමාරටද එම කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය එම්.එල්.ඩී.ටී.සෙව්වන්දිටද හිමි වූ අතර 3 වැනි අන්තර්ජාතිකනන්දාඕ ඉසව්වේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය ඕ.එල්.ශි්‍රයරත්න විසින්ද එම කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය ඒ.එච්.කේ. ගයනි මදාරා විසින්ද දිනාගන්නා ලදී.

මේ අතර තරගාවලියේ දෙවැනි දිනයේදී(2දා) පැවැති තාඔලු අංශයේ ඉසව්වලදී දුෂ්කර අභ්‍යාස සහිත දාඔෂු පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය ඩී.එම්.එච්.සී.බණ්ඩාර විසින්ද එහි කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය කේ.සී.ධම්මලාරච්චි විසින්ද දිනාගන්නා ලදී. 3 වැනි අන්තර්ජාතික නන්චුවාන් පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය ඕ.ලක්පුර ශි්‍රයරත්න දිනාගනිද්දී එහි කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය ගයනි මදාරා අපරැක්ක විසින් හිමිකරගන්නා ලදී.

දුෂ්කර අභ්‍යාස සහිත නන්චුවාන් පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය ප්‍රියන්ත දිසානායකත්, එන්.ඉරේෂා උදයංගනී එම කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානයත් හිමි කරගත් අතර 3වන අන්තර්ජාතික ජියැන්ෂු ඉසව්වේ පිරිමි ප්‍රථම ස්ථානය රවිඳු චානක ගමගේටද එහි කාන්තා ප්‍රථම ස්ථානය දමිත් හංසනීටද හිමි විය. තවද 3වන අන්තර්ජාතික තායිජි ජියෑන් පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය ඩබ්ලිව්. දිදුලන්ත විසින් හිමිකර ගනිද්දී එහි කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය ඩබ්ලිව්.ඒ.බෝමිනී අල්විස් විසින් දිනාගන්නා ලදී.

මෙම ජාතික වූෂු ශූරතා තරගාවලියේ සමාප්ති උළෙල අද සවස 4.00ට පලාත් සභා පලාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon