16 වැනි ජාතික වූෂු ශූරතා තරගාවලිය උත්කර්ෂවත් අන්දමින් ඇරැඹේ

  👤  973 readers have read this article !
Published by : MB WEB 2018-10-03 15:10:41

ශ්‍රී ලංකා වූෂු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 16 වැනි ජාතික වූෂු ශූරතා තරගාවලියේ සමාරම්භක උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (2දා) පැවැත්වුණු අතර, එහි ගෞරවනීය ආරාධිතයන් ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් බුවනෙක හේරත් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ ප්‍රධානී ලියු ‍ෙදාං යන මහත්වරුන්ද, ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාද සහභාගි වූහ.

එහිදී චීනයේ සොංෂෑං ආරාමයේ නායක යෑං ලී හිමියන් ප්‍රමුඛ කුංෆු භික්ෂුන්ගේ සන්දර්ශනයක්ද පැවැත්වුණු අතර ශ්‍රී ලංකා වූෂු ඉතිහාසයේ එවැන්නක් සිදුවූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. සමාප්ති උළෙල හෙට (4දා) සවස 4.00ට පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එළැඹෙන නොවැම්බර් මස චීනයේ පැවැත්වීමට නියමිත පළමු ආසියානු සාම්ප්‍රදායික තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරග ලෙස සාම්ප්‍රදායික ඉසව්ද මෙවර ජාතික ශූරතා තරගාවලියට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. තවද 2019 වසරේදී නේපාලයේ කත්මන්ඩු නුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට නියමිත ජාතික පුහුණු වූෂු සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමද මෙහිදී සිදුකෙරේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon