තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 12ක් යති

  👤  1190 readers have read this article !
Published by : MB WEB 2018-10-02 13:36:24

විචිත්‍ර වීරසිංහ

ඔක්තෝබර් මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා ආජන්ටිනාවේ බුවනෝෂ් අයිරිෂ්හිදී පැවැත්වීමට නියමිත තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මලල ක්‍රීඩා, දුනු විදීම, බැඩ්මින්ටන්, බාස්කට් බෝල්, ජිම්නාස්ටික් හා වෙඩි තැබීම යන ක්‍රීඩා ඉසව් 6ක් නියෝජනය කරමින් මෙම පිරිස යොවුන් ඔලිම්පික් තරගාවලියට එක්වීමට නියමිතය.

කෙසේ වෙතත් සිවු දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇති අතර, එයට ක්‍රීඩකයන් දෙදෙනකු හා ක්‍රීඩිකාවන් දෙදෙනකුද එක්කර ඇත. කෙසේ වෙතත් මෙම යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා පසුගිය ජූලි මාසයේදී තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වූ සෙලින්ඩා ජෙන්සන් මීටර් 200 ඉසව්ව සඳහා තත්. 24.99 ක කාලයක්ද, ඩිලාන් බෝගොඩ මීටර් 400 ඉසව්ව සඳහා තත්. 48.56ක කාලයක්ද, පාරමී වසන්ති මීටර් 2000 බාධක දිවීමේ ඉසව්ව සඳහා වි:6:30.09ක කාලයක් සටහන් කරමින්ද යොවුන් ඔලිම්පික් කඩඉම් සපුරද්දී උස පැනීමේ තරගයේදී මීටර් 2.14ක උසක් තරණය කළ සෙනුරු අමරසිංහද යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා තිබිණි.

මේ අතර මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුව බවට පත්ව සිටින පාරමී වසන්ති පසුගිය ජූලි 04 වැනිදා තායිලන්තයේදී පැවැති ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී සටහන් කළ කාලය කනිෂ්ඨ තරගකාරියන් අතර ලොව හොඳම තෙවැනි කාලය බවට පත්වුවද මෙවර තරගාවලියට සහභාගි වන රටවල තරගකාරියන් අතර හොඳම කාලය බවට පත්ව තිබීමද විශේෂත්වයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon