වුෂු තරගාවලියේ ශූරතාව බමුණුගම මලියදේව කනිටු විදුහලට

  👤  1744 readers have read this article !
Published by : MB WEB 2018-10-01 10:00:31

දමුණුපොළ - චමින්ද ජයලත්

8 වැනි ජාතික තරුණ සේවා වුෂු තරගාවලිය 2018 මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති තරගාවලියේදී සමස්ත ශූරතාව කෑගල්ල දේවාලේගම බමුණුගම මලියදේව කනිෂ්ඨ විද්‍යාලයට හිමිව ඇතැයි විදුහල්පති එම්.ජී. එස්. පී. විජේසිරි මහතා පැවැසීය.

මෙම විද්‍යාලයේ වුෂු කණ්ඩායමේ ජී.ටී.පී. කුමාරතුංග ශිෂ්‍යයා ලෝකඩ පදක්කම් 2ක්ද, බුද්ධි ප්‍රභාෂ්වර ශිෂ්‍යයා රිදී හා ලෝකඩ පදක්කම්ද, සනිර මෙත්බදු ශිෂ්‍යයා ලෝකඩ පදක්කමක්ද, කුෂානි සසංතිකා රිදී පදක්කමක්ද, හංසනි සත්‍යාංගනා රිදී පදක්කමක් 2ක්ද, ගයිරු ඉන්සිත් ලෝකඩ පදක්කමක්ද හිමිකර ගෙන තිබිණි.

විෂය සමගාමී විදුහල්පති උපාලි සෙනෙවිරත්න, ක්‍රීඩාභාර ආචාරිනි සුමුදු ප්‍රියදර්ශනී, බාහිර පුහුණුකරු මංජුල බෝපිටිය හා සහාය පුහුණුකාරිණිය ලෙස නිසංසලා කරුණාරත්න යන මහත්ම මහත්මීන් මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ බව විදුහල්පතිවරයා පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon