සමස්ත ලංකා පාසල් උළෙලට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක්

  👤  1373 readers have read this article !
Published by : MB WEB 2018-10-01 12:50:41

අධ්‍යාපන අමාත්‍යංශය 34 වැනි වරටත් සංවිධානය කරනු ලබන "සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල" අද(1දා) සිට 5 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ.

මෙම තරගාවලිය සඳහා පාසල් මලල ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 6000කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වන අතර, අද සවස 2.00ට පැවැත්වෙන සමාරම්භක උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා 5වැනිදා සවස 4.00ට පැවැත්වෙන සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ආසියාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී හා දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී දක්‍ෂතා දැක්වූ සියලුම ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ද මෙම තරගාවලිය සඳහා එක්වන බවත්, ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභී අරුණ දර්ශන හා දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් හතරක් දිනාගත් මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහලේ අමාෂා ද සිල්වා යන ක්‍රීඩක-ක්‍රීඩිකාවන් දෙපළගේ සහභාගීත්වයෙන් ගිනි සිළුව දැල්වීමේ කටයුත්ත සිදුවන බවත් මෙයට අදාළව පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon