බුලත් විටෙනුත් රු.10කට තට්ටු වෙයි

  👤  1990 readers have read this article !
Published by : MB WEB 2018-09-26 06:01:30

දඹුල්ල - කේ.කේ. ආරියදාස

නිෂ්පාදන වියදම වැඩි බව පවසමින් රුපියල් 30ක්ව පැවැති බුලත් විටක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට බුලත් විකුණන වෙළෙඳුන් තීරණය කොට තිබේ.

ඒ අනුව දිවයින පුරා රුපියල් තිහකට අලෙවි වූ බුලත්විටක් රුපියල් 40කට අලෙවි කරන බව පවසති.

පුවක් ගෙඩියක් රුපියල් හතරක තොග මිලකට අලෙවි වන බවත් බුලත් කොළයක තොග මිල රුපියල් තුනක් වන බවත් නිෂ්පාදකයෝ පවසති.

නිෂ්පාදන වියදම අධික වීම හේතුවෙන් බුලත්විට අලෙවි කිරීම තුළින් පාඩු සිදුවන බැවින් රුපියල් 10කින් ඉහළ දැමීමට සිදුවූ බව බුලත්විට වෙළෙන්දෝ සඳහන් කරති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon