නැග්ඩ්‍රැඩ් හා නන්පේරියල් ගම්වලට යන පාර අබලන්

  👤  1932 readers have read this article !
Published by : MB WEB 2018-09-26 06:42:30

බෙලිහුල්ඔය - සමන්තා රත්නායක

ලංකාවේ උසම ගමක් ලෙස සැලකෙන පහළ ලොකාන්තයේ පිහිටි නැග්ඩ්‍රැඩ් හා නන්පේරියල් ගම්මානයන්ට පිවිසෙන ප්‍රධාන මාර්ගය දැඩි සේ අබලන්ව ඇත. මේ හේතුවෙන් මෙම ගම්මානයන්හි වැසියෝ මහත් දුෂ්කරතා රැසකට මුහුණදී සිටිති.

දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීමට ආසන්නම නගරයන් වන බෙලිහුල්ඔය හා පඹහින්න ප්‍රදේශයට යා යුතු වුවත් දිනකට දෙවරක් ධාවනය වන නන්පේරියල් එකම ලංගම බස් රථය ආපදාවට ලක්වුවහොත් තත්ත්වය බරපතළ වේ.

එම බසයද පාරේ දුෂ්කරතාව හේතුවෙන් ධාවනය වනුයේ විවේකානන්ද විද්‍යාලය දක්වා පමණි. කිලෝමීටර් 15කට ආසන්න දුරක් පවතින මෙම මාර්ගයේ කෙටි දුරක් ප්‍රතිසංස්කරණය කර ඇති අතර වතු සමාගමට අයත් ප්‍රදේශයේ මෙම මාර්ගය සංවර්ධනය කර නොමැත. මෙම දුෂ්කරතාවන් හේතුවෙන් ළමයින් පාසල් ගමන් අතරමඟ නවතා දමන බව වැඩිහිටියෝ පවසති. අති දුෂ්කර ගම්මානයක වැසියන්ගේ පොදු අවශතාවන් සපුරා දෙන ලෙස බලධාරීන්ගෙන් ඔවුහු ඉල්ලති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon