ඉන්දියාවේ 100 වෙනි ගුවන් තොටුපොළේ තොරතුරු

  👤  1013 readers have read this article !
Published by : MB WEB 2018-09-25 18:08:08

ඉන්දියාවේ 100 වෙනි ගුවන් තොටුපොළ ඊයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් ඊයේ විවෘත කරනු ලැබූ අතර, සිකිම්හි පිහිටි එය ලොව සුන්දරතම ගුවන් තොටුපොළ අතරින් එකක් ලෙසට මත ඉදිරිපත්ව තිබේ.

කඳුකර ප්‍රදේශවලින් ගහන වූ සිකිම්හි ලොව තෙවෙනි උස ම කන්ද ලෙස සැලකෙන කාන්චෙන්ජුංගා පිහිටා තිබේ. මෙම ප්‍රාන්තය ටිබෙට්, භූතානය සහ නේපාලය යන රටවල දේශසීමා ආසන්නයේ පිහිටා ඇත.

පක්යොංහි පිහිටි සිකිම් ප්‍රාන්තයේ පළමු ගුවන් තොටුපොළ වන මෙය, 'ඉන්ජිනේරු ශිල්පයේ විස්මයක්' ලෙස හඳුන්වයි.

චීන දේශ සීමාවේ සිට කිලෝ මීටර් 60ක් පමණ දුරින් පිහිටි පක්යොං ගම්මානයට අයත් කඳු වැටියක් මත එය ඉදිකර තිබේ. මුහුදු මට්ටමේ සිට අඩි 4500ක් ඉහළින් පිහිටි එය අක්කර 201ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත.

මෙහි එකවර ගුවන් මගීන් 100 දෙනෙකුට සේවා සැලසිය හැකි පරිදි ඉදි කර ඇති මෙහි ගුවන් ධාවන පථය කිලෝ මීටර 1.75ක් දිග ය.

ගුවන් ධාවන පථය ඉදිකළ ඉන්දීය සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ, කන්දක් මත ඉදිකිරීමට සිදු වීමත්, අයහපත් කාලගුණයත් නිසා මෙම 9 අවුරුදු ව්‍යාපෘතිය අතිශය අභියෝගාත්මක සහ විස්මිත එකක් වූ බව ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon