යුනිලිවර් අනුග්‍රහයෙන් හෙට ඇරැඹෙයි

  👤  1230 readers have read this article !
Published by : MB WEB 2018-09-25 13:18:21

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන "ෆෙයාර් ඇන්ඩ් ලව්ලි මෙන්" (Fair & Lovely Men) අහියෝගතා කුසලාන බී කොටසේ පන්දුවාර 50 ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (26) ආරම්භ වන අතර අඛණ්ඩව දෙවැනි වරටත් මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වනු ලබන්නේ යුනිලිවර් සමාගම විසිනි.

2019 වසරට අදාළ වෙළෙඳ සේවා ක්‍රිකට් තරග සමයෙහි දෙවැනි තරගාවලිය වන මෙම "ෆෙයාර් ඇන්ඩ් ලව්ලි මෙන්" අහියෝගතා කුසලාන බී කොටසේ පන්දුවාර 50 ලීග් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 8ක් සහභාගි වන අතර, ජෝන් කීල්ස්, යුනිලිවර් ශ්‍රී ලංකා, සී.ඩී.බී. බැංකුව, එච්.එන්.බී. බැංකුව, කැන්රිච් ෆයිනෑන්ස්, එක්ස්පෝ ලංකා, සිංගර් ශ්‍රී ලංකා සහ කොමර්ෂල් බැංකුව එම කණ්ඩායම් වේ.

පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් පරිශ්‍රයේදී පැවැති නිල අනුග්‍රාහකත්ව චෙක්පත ප්‍රදානය කිරීමේ හා තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය වෙනුවෙන් එහි සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ, ලේකම් නලින් වික්‍රමසිංහ හා තරගාවලි කමිටු සභාපති සුජීව ද සිල්වා යන මහත්වරුන් සහභාගී වූ අතර යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් අලෙවි අධ්‍යක්ෂිකා නිලුෂි ජයතිලක(Personal Care) සහ ජේ‍යෂ්ඨ සන්නාම කළමනාකරු දමින්ද පෙරේරා(Unilever Face Care) යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon