තොරතුරු දැනගැනීමේ පාසල් විවාද තරඟය අද

  👤  1405 readers have read this article !
Published by : MB WEB 2018-09-25 11:28:32

සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු අයිතිවාසිකම් දිනයට සමගාමීව පැවැත්වෙන දීප ව්‍යාප්ත පාසල් විවාද තරඟය අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි.

පළාත් මට්ටමෙන් තෝරාගත් පාසල් අවසාන තරඟය සඳහා මෙලෙස සහභාගී වී සිටියි. සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් විවාදය පැවැත්වෙයි. මෙම විවාදයේ අවසන් මහා තරඟය හෙට බත්තරමුල්ල,අයි.ටී.එන්.පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර තොරතුරු අයිතිවාසිකම් දිනයට සමගාමීව තොරතුරු සතියක් පසුගිය 21 දින ප්‍රකාශයට පත් කළ අතර 28 දින දක්වා සතිය තුළ විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමේ ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon