ලොව විශාලතම රාජ්‍ය රක්ෂණ ක්‍රමය ඉන්දියාවෙන්

  👤  1523 readers have read this article !
Published by : MB WEB 2018-09-25 09:18:06

ලොව විශාලතම රාජ්‍ය අංශය මඟින් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය රක්ෂණය හඳුන්වා දීමට ඉන්දියාව කටයුතු කරයි.

සෞඛ්‍ය සේවාව අවශ්‍ය එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් ආදායමක් නොමැති කෝටි පනහක් පමණ වන ඉන්දියානු ජනයාට පිහිටවීම සඳහා රාජ්‍ය නව සෞඛ්‍ය රක්ෂණ සේවාව ආරම්භ කර ඇත.

'ආයුෂ්මත් භාරත්' ලෙස නම් කර ඇති නව රක්ෂණ ක්‍රමය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයකට අනුව හඳුන්වා දී ඇත.

රාජ්‍ය නව රක්ෂණ ක්‍රමය සඳහා ඉන්දීය මධ්‍යම රජයෙන් සියයට හැටක මූල්‍ය දායකත්වයක් ලබාදෙන අතර ප්‍රාන්ත රජයන් මඟින් ඒ ඒ ප්‍රාන්තයන්ගේ ජනයා වෙනුවෙන් සියයට හතළිහක මූල්‍ය දායකත්වයක් දැරීමට කටයුතු කර ඇත.

රාජ්‍ය නව රක්ෂණ ක්‍රමයට තෙලංගානා, ඔඩීෂා, දිල්ලි, කේරළ සහ පන්ජාබ් ප්‍රාන්ත එක් වී නොමැති අතර අනෙක් ප්‍රාන්ත සියල්ල එක් වී ඇතැයි වාර්තා පෙන්වා දෙයි.

පළමු අදියර යටතේ රක්ෂණය ලබාදෙන තෝරා ගැනුණු දස කෝටි හැත්තෑ හතර ලක්ෂයක පවුල් වෙත රක්ෂණයට හිමිකම් ඇති බවට දන්වා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලිපියක් ලබාදීමට කටයුතු කර ඇති බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එසේම එම ලිපිය මඟින් රාජ්‍ය නව රක්ෂණ ක්‍රමයේ ඇති වැදගත්කම සහ එය භාවිත කළයුතු ආකාරය ද පෙන්වා ඇතැයි වාර්තා පෙන්වා දෙයි.

මෙම රක්ෂණ ක්‍රමය යටතේ එරට පුරා පිහිටි රෝහල් දහතුන් දහසකින් ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබා දී ඇතැයිද මාධ්‍ය වාර්තා කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon