වවුනියාව මහ රෝහලේ මුළුතැන්ගෙය අපායක්

  👤  1636 readers have read this article !
Published by : MB WEB 2018-09-25 08:26:20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

වවුනියාව මහ රෝහලේ මුළුතැන්ගෙය පවත්වාගෙන යන්නේ ඉතාම අපිරිසුදු තත්ත්වයෙන් හා මහජන සෞඛ්‍යආරක්ෂාවට

තර්ජනයක් වන අන්දමින් බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ජී. ගුණසීලන් මහතා පවසයි.

කලින් නොදන්වා උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වවුනියාව මහ රෝහල වෙත පැමිණ සාමාන්‍ය වැසියකු මෙන් රෝහල් මුළුතැන්ගෙය වෙත ගොස් ඇත්තේ ඔහුට මුළුතැන්ගේ පිළිබඳව ලැබී තිබූ පැමිණිලි කීපයක් නිසාය. අමාත්‍යවරයාට පෙනී ගොස් ඇත්තේ කිසිදු සෞඛ්‍යාරක්ෂිත භාවයකින් තොරව මුළුතැන්ගෙයි අපිරිසුදුකම් මැද ආහාර පිසින බවයි.

මුළුතැන්ගෙයි සේවය කරන සේවකයන්ගේ නවාතැන වී ඇත්තේද මෙම ස්ථානයම වේ. ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් හා සෙසු භාණ්ඩ ගබඩා කොට ඇත්තේද එහි බව අනාවරණය වී තිබේ. වවුනියාව මහ රෝහලේ මුළුතැන්ගෙට යාබදව වැසිකිළි පද්ධතියක් ඇත. ජලය නොමැතිව වැසිකිළි භාවිත කිරීම මුළුතැන්ගේ ආහාරවලටද තර්ජනයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙනී ගොස් තිබේ.

වවුනියාව මහ රෝහලේ සෑම ස්ථානයක්ම දැඩි පරීක්ෂාවට ලක් කළ අමාත්‍යවරයා පසුව වවුනියාව මහ රෝහලේ බලධාරීන් හමුවී ඔවුන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කොට තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon