'ඔබේ අතගෙන' ප්‍රේමණීය ගී සැ¼දෑවෙන් දිග හරින හතළිස් වසරක ගී පොකුර

  👤  1420 readers have read this article !
Published by : MB WEB 2018-09-28 10:12:37

රෝහණ සිරිවර්ධන කියන නම 70-80 දශකවලදී ගුවන් විදුලි අසන්නන් අතරට ආවේ ධනවත් පවුලක තරුණියකට ආදරය කරන අහිංසක දුප්පත් තරුණයකු කියන ප්‍රතිරූපයත් එක්ක. ඒ කාලේ අපේ වැඩිහිටියෝ ගුවන් විදුලියේ විකාශනය වූ 'වජිරා' ගුවන් විදුලි නාට්‍යයට තිබුණු ඇල්මත් එක්ක තමයි ඔහු මේ විදියට ජනප්‍රිය චරිතයක් බවට පත් වුණේ.

අපි ඒ අතීතය ගැන ටිකක් කියලම අනෙක් දේවල් ගැන කතා කරමු. මේ ප්‍රවීණ කලාකරුවා මුණ ගැසුණු මොහොතක අපි ඇසුවා.

"ඇත්තටම ඒ කාලේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාට්‍යවලට තිබුණේ පුදුමාකාර ප්‍රතිචාර. මම සිටි ආනන්ද සිරිසේන මහතා ලියූ 'වජිරා' වගේම කුසුම් පීරිස් ලියූ 'පහන්සිළුව' කියන ගුවන්විදුලි නාට්‍යවලටත් අතිශය ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම 'වජිරා' නාට්‍යය නිසා මට මගේ ගායන කුසලතාවන් ඉදිරියට අරන් යන්න රුකුලක් වුණා.

ඒ කොහොමද?

මේ නාට්‍යයේ නිමල් කියන්නේ දුප්පත් කොල්ලෙක්. ඔහු ධනවත් පෙම්වතියව මුණ ගැහෙන්න බැරිව සිටින මොහොතක ගුවන් විදුලියේ ගීතයක් ගයනවා. කරුණාරත්න අබේසේකර මහතා ලියූ 'එන්න මඳනලේ' ගීතය තමයි එහෙම ගයන්නේ. මොකද චරිතයේ හැටියට නිමලුත් සරල ගී ගායකයෙක්.

එන්න මඳනලේ ගීතය ඇත්තටම ගායනා කළේ තිලකසිරි ප්‍රනාන්දු මහතා. ඉතින් ඔහු ගැයූ මේ ගීතය 'වජිරා' ටෙලි නාට්‍යය වෙනුවෙන් මට ගායනා කරන්න අවස්ථාව ලැබුණා. කරු අයියත් මට ඒ සඳහා අවසර දුන්නේ මගේ ගායන හැකියාව ගැනත් ඔහු තුළ යම් විශ්වාසයක් තිබුණු නිසයි.

මේ ගීතය කරුණාරත්න අබේසේකර මහතාගේ ඇත්තම අත්දැකීම... ඒ සිදුවීම 'වජිරා'
නාට්‍යයට ඇතුළත් වුණා නේද?

ඔව්. කරු අයියා සහ ඉන්ද්‍රානි අක්කා අතර පෙම් සබඳතාවක් හටගෙන තිබුණු කාලේ ඉන්ද්‍රානි අක්කගේ ගෙදරින් දැඩි විරෝධතාවක් එල්ල වුණා. ඉන්ද්‍රානි අක්කා ගෙදර සිරකාරියක් බවට පත්වුණා. ඒ වෙලාවේ කරු අයියා මෙහෙම ගීතයක් ලියා ගුවනට මුසු කළා. ඒ ඉන්ද්‍රානි අක්කාට ඇහෙන්න. 'වජිරා' නාට්‍යයට මේ සිදුවීම ඒ විදියටම ඇතුළත් කරන්න ආනන්ද සිරිසේන මහතා කටයුතු කළා.

දැන් අපි ඔබේ ප්‍රසංගය 'ඔබේ අතගෙන ප්‍රේමණීය ගී සැ¼දෑව' දෙසට හැරෙමු.

ඔව්. මේක අවුරුදු 40ක් තිස්සේ මම ගැයූ මිහිරි ගීත කීපයක් එකතු කරලා පවත්වන සංගීත ප්‍රසංගයක්... එළැඹෙන සැප්තැම්බර් 28දා සිකුරාදා මහරගම යොවුන් රඟහලේදී සවස 6.30ට මේ ප්‍රසංගය පවත්වනවා. මාත් එක්ක යුග ගායනාවලට නිර්මලා රණතුංග. දමයන්ති ජයසූරිය, අනුරාධා නන්දසිරි, සෙව්වන්දි රණතුංග හා සන්ධ්‍යා බුලත්සිංහල එකතු වෙනවා.

ඒ වගේම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය විශාරද මනෝජ් පීරිස්ගෙන්. වසන්ත රෝහණ නිවේදන කටයුතුවලින් එකතු වෙනවා.

ඔබ මේ ප්‍රසංගය කරන්නේ යහපත් අරමුණකින් යුතුව බව කිව්වා?

සඳල කලා සංසදය කියන්නේ ලලිත කලාව සහ පුණ්‍ය කටයුතු සංවර්ධනය තේමාව කොටගෙන ගොඩනැඟූ සංවිධානයක්. මේ සංවිධානය රාජගිරිය ජයශේඛරාරාමයේ සංඝාවාසය ගොඩනැඟීම සඳහා කරන මූල්‍ය පරිත්‍යාගයට මේ ප්‍රසංගයෙන් ලැබෙන මුදල් යොදා ගන්න බලාපොරොත්තු වෙනවා.

ගායන ශිල්පියෙක් හැටියට ඔබ ගායනා කළේ ගීත අතළොස්සයි. ඒ ගීත බොහොමයක්
රසික රසිකාවියන් අතරට ගියා?

මම හිතනවා ඒ අතින් මම වාසනාවන්තයි කියලා. "ඔබේ අතගෙන පෙර සෑ¼දෑවක" ගීතය අතිශය ජනප්‍රිය වුණා. ඒ හා සමානවම 'දේව මන්දිරේ', 'ලොවේ කොයි කාටත් හොරෙන්', 'හමුවේවා අප මතු අත්භවයක', 'සීත කඳුරැල්ලේ', 'අෑ සසැලී', 'ලියූ පෙම්වදන්', 'වරදින්නේ නැත මට හිමි බත් පත' වගේ ගීතවලට ඉහළ රසික ප්‍රසාදය ලැබුණ බව ඇත්තක්. මේ ගීත හැම එකක්ම මම ප්‍රසංගයේදී ගයනවා.

ගායකයෙක් හැටියට වගේම ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක්, හඬ කැවීම් ශිල්පියෙක්, නිවේදන ක්‍ෂේත්‍රය තුළත් ඔබේ භූමිකාව තිබෙනවා?

ඔව්. විශේෂයෙන්ම රූපවාහිනි හඬ කැවීම් ශිල්පය ගැන කතා කළොත් අතුල රන්සිරිලාල් මහතා අධ්‍යක්ෂණය කරන ඒ වගේම එතුමා භාර ගන්නා හඬ කවන ටෙලි නාට්‍යවල මම වැඩ කරනවා වගේම සහාය දක්වනවා. ගුවන් විදුලි ළමා පිටියෙන් ක්‍ෂේත්‍රයට එකතු වුණු නිසා ඔය හැමදේම අපට හුරුයි. ඒ වගේම අපි ඉගෙන ගන්න කාලේ අපි වටා සිටියේ අති දැවැන්ත චරිත. ඔවුන්ගෙන් අපි බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ නිසාම භාර ගත්ත දේ හරියට කළා. 1995 - 96 වසරවලදී ගුවන්විදුලිය වෙනුවෙන් කළ සේවය නිසා ඕ.සී.අයි.සී. ජාත්‍යන්තර උන්ඩා අභිනන්දන සම්මාන උළෙලේදී 'ස්වර්ණ' සම්මානය මට ලැබුණෙත් ඒ නිසයි.

බොහෝ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ දූ දරුවෝ ඔවුන්ගේ අම්මා තාත්තා ගැයූ ගීත ඉදිරියට අරන් යනවා. ඔබේ ගීත කවුද එහෙම ඉදිරියට අරන් යන්නේ?

මගේ මල්ලි ලලිත් සිරිවර්ධනගේ දරුවන් වගේම පවුලේ අනෙක් අයගේ දරුවන්ට මගේ ගීත භාර කරනවා. මම හිතනවා ඔවුන් ඒ කටයුත්ත මම නැති දවසක කරයි කියලා. දැනටමත් ඔවුන් සමහර අවස්ථාවලදී මගේ ගීත ගයනවා.

රෝහණ සිරිවර්ධන කියන්නේ කලා ලොවේ කොයි කවුරුත් එක්ක හොඳ සබඳතාවක්, හිතවත්කමක් පවත්වන කලාකරුවෙක්. ඒ වගේම සෑම කලා කටයුත්තකටම සහභාගි වන කෙනෙක්. ඉතිං ඔහු පවත්වන මේ ප්‍රසංගයට හැමෝගේම ආශීර්වාදය හිමිවන බවත් ඊට සහභාගි වන බවත් අප දන්නවා.
මේ කාරණාව අපි සමුගන්න මත්තෙන් ඇහුවා.

කලා ක්‍ෂේත්‍රයේ අය නම් සහභාගි වේවි. ඒත් කනගාටුවට අපි වගේ සුභාවිත ගීත ගයන අයට අනුග්‍රාහක භවතුන්ගෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන එකයි. මම පුණ්‍ය කටයුත්තක් කරන්න හිතාගෙන කරන මේ ප්‍රසංගයටවත් සතුට දැනෙන විදියේ යහපත් ප්‍රතිචාරයක් තවම නැහැ.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon