බිනර පුර පසළොස්වක පොහොය අදයි

  👤  1080 readers have read this article !
Published by : MB WEB 2018-09-24 07:05:33

බිනර පුර පසළොස්වක පොහොය අදට (24දා) යෙදී ඇත. බුදුන් වහන්සේ හමුවට පැමිණි මහා ප්‍රජාපතී ගෝතමිය, කාන්තාවන්ටද බුදු සසුනේ පැවිද්ද, උපසම්පදාව දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ ඒ සඳහා බුදුන් වහන්සේ අෂ්ට ගරුධර්ම දේශනා කළේද අද වැනි දිනකදීය.

බුදුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර ගොඩනැඟූ සේරුවිල 'මංගල මහ සෑයේ' වාර්ෂික පිළිවෙත් පින්කම් මාලා සිදුවන්නේද බිනර පුන් පොහොය දිනකය.

බුදුන් වහන්සේගෙන් ලද කේශධාතු ලබාගත් තපස්සු භල්ලුක වෙළෙඳුන් ඒවා නිදන්කොට සාදන ලද ගිරිහඬු සෑයේ වාර්ෂික පින්කම් මාලාව පවත්වන්නේද බිනර පුර පසළොස්වක පොහොය දිනයේදීය.
දිවයින පුරා විහාරස්ථානවල කඨින පින්කම් පැවැත්වීම ආරම්භ කෙරෙන්නේද අද වැනි බිනර පුර පසළොස්වක දිනයේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon