ඊයේ දිනයේදී තවත් නව තරග වාර්තා 12ක්
විචිත්‍ර වීරසිංහ
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය "රිට්ස්බරි" අනුග්‍රාහකත්වය යටතේ සංවිධානය කරනු ලබන 88 වැනි ජෝන් ටාබට් ජේයෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වන ඊයේ (20දා) දිනයේදී පමණක් බිහි වූ නව තරග වාර්තා 12ත් සමඟින් මේ වනවිට නව තරග වාර්තා 15ක් බිහි වී තිබීම කැපී පෙනුණි.
මෙවර යොවුන් ඔලිම්පික් උළෙල වෙනුවෙන් සුදුසුකම් ලබා සිටින කුලියාපිටිය මහා විදුහලේ පාරමී වසන්ති ඇය සහභාගි වූ තරග දෙකේදීම නව තරග වාර්තා එක්කිරීම විශේෂත්වයකි.
ඒ අනුව අවුරුදු 18න් පහළ මීටර් 2000 බාධක දිවීමේ ඉසව්ව තරගය විනාඩි 6:37.90කින් අවසන් කරමින් පාරමී වසන්ති පසුගිය වසරේදී වලල ඒ. රත්නායක මහා විදුහලේ කේ.එම්.ජේ.ඒ. කනගරත්න පිහිටුවා තිබූ වි:7:16.40ක වාර්තාව අභිභවා යෑමට සමත්වූ අතර, ඊයේ පැවැති මීටර් 3000 තරගයේදීද ඇය වි:9:58.30ක කාලයක් වාර්තා කරමින් 2009 වසරේදී රත්නපුර සුමන බාලිකා විදුහලේ ආර්.ඒ.සී. ජයමිණි විසින් තබා තිබූ කාලය පසුකර යෑමට සමත්වූවාය.
මේ අතර පෙරේදා අවුරුදු 16න් පහළ බාලක ඉසව්ව යටතේ දුර පැනීමේ ඉසව්වේදී මීටර් 7.19ක දුරක් සටහන් කරමින් නව වාර්තාවක් එක්කළ බම්බලපිටිය ශා.පීතර විදුහලේ හිරුෂ මෙන්ඩිස් අබේසේකර ඊයේ දිනයේදීද මීටර් 200 ඉසව්ව තත්.22.70කදී හා මීටර් 100×4 (තත්.44.41) ඉසව්වට සහභාගි වෙමින් පළමු ස්ථාන දිනාගැනිමට සමත්විය.
කෙසේ වෙතත් ඊයේ පැවැති මීටර් 100×4 සහාය දිවීම් ඉසව්වල දැඩි තරගකාරීත්වයක් දක්නට ලැබුණු අතර, එහිදී අවුරුදු 18න් පහළ බාලිකා, බාලක හා අවුරුදු 20න් පහළ බාලක යන ඉසව්වල නව වාර්තා එක්කර තිබිණි.
තවද අවුරුදු 16න් පහළ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේදී පැරැණි වාර්තාව වූ මීටර් 52.48ක් වූ පැරැණි වාර්තාව මෙවර මීටර් 9කින් අලුත් කිරීමට (මීටර් 61.67) බම්බලපිටිය ශා. පීතර විදුහලේ රුමේෂ් තරංග සමත්වී තිබූ අතර, දෙවැනි තැන දිනූ පේදුරුතුඩුවේ හාත්ලේ විදුහලේ සුසේන් තිරකුමාර්ද (මීටර් 53.79) එම වාර්තාව අලුත් කිරීමට සමත්වී තිබිණි.
මෙයට අමතරව අවුරුදු 18න් පහළ මීටර් 100×4 ඉසව්වේදී පැරැණි වාර්තාව වූ තත්. 42.94ක කාලය මෙවර කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම විසින් තත්. 41.88ක් ලෙස අලුත් කරද්දී දෙවැනි, තෙවැනි හා සිවුවැනි ස්ථාන දිනූ බම්බලපිටිය ශා. පීතර, කොටහේන ශා.බෙනඩික්ට් හා වෙන්නප්පුව ශා. ජෝෂප් යන විදුහල් කණ්ඩායම් තුනම පැරැණි වාර්තාව අලුත් කිරීම ඊයේ දිනයේදී සිදුවූ සුවිශේෂීතම සිදුවීම බවට පත්විය.
ඡායාරූපය _ උදේෂ් රණසිංහ
අද මව්බිමෙන්
- පලාලි නවීකරණය කරන්න අගමැතිගෙන් උපදෙස් 🕔2019-02-18
- මධුෂ් ඇතුළු 31 දෙනාට එරෙහි නඩුව 28දා යළි කැඳවයි 🕔2019-02-18
- ජිනීවා සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් පෙත්සම් 12ක් 🕔2019-02-18
- දකුණේ සීනියර් DIG කොළඹට මාරුවක් 🕔2019-02-18
- කථානායක වගකීමකින් ක්‍රියා නොකළ නිසා මැතිසබය නොසන්සුන් වුණා 🕔2019-02-18
- පොල්තෙල් නිපදවන, විකුණන තැන් 28දා තෙක් පරීක්ෂා කරනවා 🕔2019-02-18
- පළාත් ඡන්දය ගැන අවසන් තීරණය මේ සතියේ 🕔2019-02-18
- කරදර හිරිහැර දරාගන්න බැරි තැන නාවික හමුදා සෙබළිය එල්ලී මැරිලා 🕔2019-02-18
- පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින්ගේ තැපැල් දීමනාව වැඩි කෙරේ 🕔2019-02-18
- අගමැතිගේ මුලතිව් සංචාරයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධතාවක 🕔2019-02-18
- ලංවිමට වසර 50ක් සපිරීමත් සමරා හෙට කිරිවෙහෙරේ පින්කම් රැසක් 🕔2019-02-18
- රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති 🕔2019-02-18
- 2 වැනි විශේෂමහාධිකරණයක් 🕔2019-02-18
- ලෝක බැංකු උප සභාපති ශ්‍රී ලංකාවේ දිළිඳු බව දිළිඳු වී ඇතැයි කියයි 🕔2019-02-18
- ජාතික ආණ්ඩු උත්සාහය ගෝලබාලයන්ට ඇමැතිකම් දෙන්න කරන උප්පරවැට්ටියක් 🕔2019-02-18
- පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ 🕔2019-02-18
- හතළිස් හත්වැනි රාජ්‍ය නාට්‍ය උළෙල අද සිට මරදාන එල්ෆින්ස්ටන් හිදී 🕔2019-02-18
- 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විපක්ෂ නායකට සංදේශයක් භාර දෙයි 🕔2019-02-18
- අනවසර හෝටලයක සාදයක් වටලා පොලිසිය තාක්ෂණ පරීක්ෂණයක 🕔2019-02-18
- බංග්ලාදේශ පුවත්පත් මණ්ඩල උත්සවයට මාධ්‍යවේදීහූ දෙදෙනෙක් සහ සභාපතිවරයා සහභාගි වෙති 🕔2019-02-18