රුසියානු ගුවන් හමුදා යානයක් මධ්‍යධරණී මුහුදේදී අතුරුදන්

  👤  1801 readers have read this article !
Published by : MB WEB 2018-09-19 13:27:26

මධ්‍යධරණී මුහුදට ඉහළින් පියාසර කරමින් තිබූ රුසියානු ගුවන් හමුදාවට අයත් යානයක් අතුරුදන්වී තිබේ.

සිරියාවේ හමෙයින්මීන් ගුවන් හමුදා කඳවුර බලා පියාසර කරමින් තිබියදී හිටිගමන් එම යානය අතුරුදන්වී ඇත. යානය අතුරුදන් වන විට එය සිරියාවට කිලෝමීටර් තිස්පහක් අෑතින් තිබූ බව රුසියානු හමුදාව ප්‍රකාශ කරයි.

යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වෙද්දී යානය තුළ රුසියානු ගුවන් හමුදා සොල්දාදුවන් දහහතර දෙනකු ගමන් ගත් බවද රුසියානු හමුදා ආරංචි මාර්ග පෙන්වා දෙයි.
සිරියානු හමුදා එල්ල කළ ප්‍රහාරයකින් යානය විනාශ වන්නට ඇතැයිද එම ප්‍රදේශයේ වූ සටන්කාමීන්ට අයත් බෝට්ටු කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවද සිරියා හමුදාව ප්‍රකාශ කර ඇත.

ලැබී ඇති තොරතුරු අනුව එම ප්‍රහාරයෙන් රුසියානු ගුවන් හමුදා යානය විනාශ වන්නට ඇතැයි රුසියාව විශ්වාස කරයි.

ඒ අනුව යානය අතුරුදන්වූ ප්‍රදේශයේ යානයේ සුන්බුන් සහ හමුදා භටයන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon