ලෝක වාර්තාවකට සෞදිය සැරැසෙයි

  👤  1622 readers have read this article !
Published by : MB WEB 2018-09-18 13:40:59

සැප්තැම්බර් 23 දිනට යෙදෙන සෞදි අරාබියාවේ 88 වැනි ජාතික දිනය නිමිත්තෙන් ලොව විශාලතම ජාතික ධජය සහ ගිනි කෙළි සන්දර්ශනය පවත්වමින් ගිනස් ලෝක වාර්තාවක් තැබීම සඳහා සෞදිය සූදානම් වෙයි.

88 වන ජාතික දිනය වෙනුවෙන් සෞදි අරාබිය තුළ සෑම නගරයකම උත්සව සංවිධානය කර ඇතැයි සෞදි විනෝද කටයුතු අධිකාරිය ප්‍රකාශ කරයි.

එරට ස්ථාන පනස් අටකදී ගිනිකෙළි සන්දර්ශන පැවැත්වීමට සූදානම් කර ඇති අතර ඒ සඳහා මල්වෙඩි නව ලක්ෂයක් භාවිත කරන බවද අධිකාරිය පෙන්වා දෙයි.

උත්සවය සැප්තැම්බර් මස 19 වැනිදා ආරම්භ වන අතර එය 23 වැනි දා යෙදෙන ජාතික දින උත්සවයෙන් අවසන් කිරීමට නියමිතය. 23 වැනිදා අවසන් උත්සවයේදී ඩේ‍රා්න යානා තුන්සියයක් ගුවන් ගත කර ලේසර් කිරණ මඟින් රටා මැවීමේ සන්දර්ශනයක්ද පවත්වන බව අධිකාරිය මාධ්‍යයට ප්‍රකාශ කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon