සම්මාන උළෙලක ආරාධනා පත්‍රයක් ලැබුණේ අවුරුදු හතරකට පස්සේ විරාජ් දැන් කියන කතාව

  👤  2429 readers have read this article !
Published by : MB WEB 2018-09-21 08:24:57

මේ දවස්වල විරාජ් කාර්යබහුලද?

මේ දවස්වල 'සිල්ලර සමනල්ලු' එක්ක තමයි වැඩි කාලයක් ගත කරන්නේ. තව අලුත් වැඩකට ආරාධනා ලැබුණා. නාලක තලගල අධ්‍යක්‍ෂණය කරන 'උඩුගම්තරණය' ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ලබන මාසේ පටන් ගන්නවා. ප්‍රධාන චරිතයට තමයි ඒ ආරාධනාව ලැබුණෙත්. ඒක චරිත කිහිපයකට මාරුවෙන චරිතයක්.

දැන් වෙනදටත් වඩා විරාජ්ට ප්‍රතිචාර ජයයිලු නේද?

ඇත්තටම ඔව්. මම මියුසික් වීඩියෝවල හිටියට සමහරු මගේ ෆොටෝවලට කමෙන්ට් කරලා තියෙනවා මාව දැක්කේ 'සිල්ලර සමනල්ලු' ටෙලි නාට්‍යයෙන් කියලා. යන එන තැන්වලදී ප්‍රතිචාර ලැබෙනවා. 'සිල්ලර සමනල්ලු' නිසා මාව වැඩි පිරිසක් හඳුනා ගත්තා.

විරාජ්ව දන්නේ නැති අයත් ඉන්නවා කියලා දැනෙද්දි දුකක් නැද්ද?

මාව දන්නේ නැති අය ඕන තරම් ඉන්නවා. ක්‍ෂේත්‍රයේ සමහරුන්වත් අපිව හඳුනන්නේ නෑ. මට තව කාලය තියෙනවා. නිර්මාණයක රඟපාලා ඇඳගත්ත චරිතයක් වෙන්න මට ඕනේ නෑ.

සමහරු කියනවා සිල්ලර සමනල්ලු තුළ විරාජ්ගේ ඕවර් ඇක්ටින් කියලා. ඔබටත් මෙහෙම හිතෙනවාද?

සද්ධාමංගල සූරිය බණ්ඩාර, ධනංජය වගේ ජනප්‍රිය, රොහාන් වගේ කොමඩි චරිත කරලා හිට් වුණ දෙන්නෙක් අතරට මාව දැම්මේ මම ඒ අය අතරේ හොඳින් මගේ ඇක්ට් එක කරයි කියලා. මට චැලේන්ජ් එකක් දුන්නේ. මම ඉන්දියන් ධනුෂ්, වික්‍රම් වගේ අය ටධතතධඹ කරන කෙනෙක්. මම පැටියාගේ චරිතයට වෙනස් ස්ටයිල් එකක් ගෙනාවා. එහි රංගනය උඩ තැනක තියෙනවා. මගේ වෙනස වැඩි පිරිසක් භාර ගත්තා. හැමෝම ඒ ස්ටයිල් එකට කැමැති වෙන්නේ නැතිව ඇති. මම මේ නිර්මාණයේදී හොඳ වෙනසක් කළා කියලා හිතනවා.

දැන් වැඩිපුර කොමඩි චරිතවලට කතා කරනවා කියලත් ආරංචියි?

ඔව්. ලැබුණු ආරාධනා ගොඩක් කොමඩි. මම ඒ ආරාධනා භාර ගත්තේ නෑ.

ඒ ආරාධනා භාර නොගත්තේ කොටු වෙන්න අකැමැති නිසාද?

ඔව්. ඒකත් හේතුවක්. මට තාම හොඳ පෙම්වතෙක් විදියට එළියට එන්න අවස්ථාව ලැබුණේ නෑ. මම මට ලැබුණු චරිත ඇතුළේදී ෆේල් නැහැ. කොටස් අඩු ප්‍රමාණයක නාට්‍යවලට අපිට ආරාධනා අඩුයි. ඒත් මම ආසයි ඒ වගේ නිර්මාණ කරන්න. ඉතින් ඒ වගේ වැඩ වෙනුවෙන් ටිකක් ඉවසලා ඉන්නවා.

කාලයක්ම විරාජ්ට සම්මාන උළෙලවලට ආරාධනා තිබ්බේ නෑනේ. දැන් නම් ආරාධනා ලැබෙනවා නේද?

ඔව්. මම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතරක් ගියාට පස්සේ තමයි රයිගම් උළෙලට සහභාගි වෙන්න මට ආරාධනා පත්‍රයක් ලැබුණේ. සුමති සම්මාන උළෙලටත් එහෙමයි. අවුරුදු හතරකට පස්සේ හරි එහෙම ආරාධනාවක් ලැබෙද්දී සතුටු හිතුණා.

ඒ කියන්නේ දැන් තමයි කලාකරුවෙක් විදියට ඔබට ඒ වගේ වටිනාකම් ලැබෙන්නේ?

මම අවුරුදු හතරක් තිස්සේ නිර්මාණවලට දායක වුණා. හැබැයි ඉන්විටේෂන් මට ලැබුණේ නෑ. දැන් එහෙම හරි මාව පිළිගන්න එක ගැන සතුටුයි.

දැන් ජනප්‍රිය සම්මානයක් හිතට ඇතුළු කරගෙනත් ඇති?

මට තව ඒකට කල් තියෙනවා. දැන් මාව ක්‍ෂේත්‍රයේ අය හඳුනනවා. එක නිර්මාණයක දෙකක රඟපාලා තරු වෙන්න බෑ. හැකියාවන් දියුණු කරගෙන පරිපූර්ණ රංගන ශිල්පියෙක් වෙන එක තමයි වැදගත්. මට ජනප්‍රිය සම්මානය ගැන තැකීමක් නෑ. මොකද ඉර්ඉ තාක්‍ෂණය එක්ක කරන සෙල්ලමක් මේක. මට කවදා හරි දක්‍ෂතම නළුවා වෙන්න ලැබුණොත් ඒක මට ගොඩක් වටිනවා.

විරාජ්ට ගොසිප් හැදෙන්නෙත් නෑනේ. ඒකත් ජනප්‍රියත්වයේ ප්‍රශ්නයක්ද?

මම තනිකඩයෙක් වුණා නම්, වගකීම් රහිත කෙනෙක් වුණා නම් කලා පවුලකින් ආවා නම් මේ රටේ ගොසිප්වල මමත් ඉඳියි. අපේ රටේ ජනප්‍රිය වෙන්න හරි ලේසියි. මට නළුවෙක් වෙන්න මාර පිස්සුවක් තිබුණේ. අරමුණක් ඇතුව මම නළුවෙක් වුණ නිසා මට ගොසිප් මවා ගන්න ඕන වුණේ නෑ. මම මගේ බිරිය, දරුවෝ දිහා වගකීමෙන් බලන නිසා මට පෙම් සබඳතා තියාගන්න, ගොසිප් මවන්න වෙලාවකුත් නෑ.

විවාහකයෙක් පියෙක් කියන සාධකය ජනප්‍රියත්වයට බාධාවක්ද?

කොහෙත්ම නෑ. දක්‍ෂකම සහ විනය තමයි වැදගත්කම. ඉන්දියාව වගේ රටක ශාරුක් තාමත් පෙම්වතා. පම්පෝරි ගහන මිනිස්සු ඉන්න අපේ රටේ තාමත් අපි හිතන පතන දේවල් ගැන පිටුපසින් ඉන්නේ. කවදාහරි හොඳ දේවල් ඉදිරියට මතු වෙනවා.

එක කාලයක් ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරුන්ට විරාජ්ව මඟහැරිලා තිබුණනේ. දැන් විරාජ්ට තිබෙන ඉල්ලුම ගැන සතුටු වෙන්න පුළුවන්ද?

තාම නැහැ. 'සිල්ලර සමනල්ලු' ටෙලි නාට්‍යයෙන් පස්සේ මට යමක් කරන්න පුළුවන් කියලා බොහෝ අයට තේරුම් යන්න ඇති. මට වැඩ දුන්නා හෝ නැතා, මට ගැටලුවක් නෑ. මම කොහොමත් කාටවත් පොලු නොතියා කැපවීමෙන් මගේ වැඩේ කරනවා. විශේෂ ඇඟෑලුම් පාලා හිත් දිනාගන්න බෑනේ. මට දැන් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇසුරු කරන්න ලැබෙනවා. වෙනදාට වඩා අවබෝධයකින් මගේ හැකියාව දියුණු කරගෙන මම අඩියෙන් අඩිය ඉස්සරහට යන්න උත්සාහ කරනවා.

දැන් මියුසික් වීඩියෝවලට වැඩි බර දෙන්නේ නෑ වගේ?

දැන් මාසෙකට මියුසික් වීඩියෝ දෙකක් වගේ කරන්නේ. රැකියාව, ටෙලි නාට්‍ය රංගනය එක්ක කාලය වෙන් කරන්න අපහසුකමක් තියෙන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon