'පැකේජ්' නිසා සුදර්ශනගේ භූමිකාව මාරු වෙයි

  👤  1755 readers have read this article !
Published by : MB WEB 2018-09-16 16:00:41

'පැකේජ්' එක්ක සුදර්ශනගේ භූමිකා වෙනස් වෙලා නේද?

ඔව්. මේ වෙනස වෙනුවෙන් මට අවුරුදු හතරක, පහක ඉඳන්ම අවස්ථා ලැබුණා. මම ළමා නාට්‍ය උළෙලේ දිගටම ජයග්‍රහණ ලබා ගනිද්දී සමහර නාළිකා, මගේ මිත්‍රයන් මට කිව්වා ෆිල්ම් එකක්, ටෙලි නාට්‍යයක් කරන්න කියලා. සමහරු මට ස්ක්‍රිප්ට් ලියලත් දුන්නා. මට හිතට වදින ස්ක්‍රිප්ට් එකක් හම්බ වුණේ නැති නිසා මම ඒ වැඩවලට අත ගැහුවේ නැහැ.

නමුත් පැකේජ් එක්ක මට එකතු වෙන්න හිතුණා. පැකේජ් අධ්‍යක්ෂණය කරන්න මට පුළුවන් වුණා. එය සතියේ දින පහේ රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වෙනවා. බුද්ධික සේමසිංහ තමයි මේ නාට්‍යයේ පිටපත් රචනය කරන්නේ. ඔහු පිටපත් රචනයට අමතරව ලොකු බරක් අදිනවා. ඒක මට විශාල පහසුවක් වුණා.

සුදර්ශනගේ පළමුවැනි අධ්‍යක්ෂණයෙන් එළියට එන පැකේජ් ප්‍රේක්ෂකයෝ අල්ලගෙනද?

ඇත්තටම මේ වෙන කොට නාට්‍යයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දවස් තුනක් වගේ යද්දී අපේ නාට්‍ය බලන පිරිස 65,000ක් ඉක්මවලා තිබ්බා. අපි අපේ නාට්‍ය වෙනුවෙන් ලොකු ප්‍රචාරණයක් ලබා දුන්නේ නැහැ. චැනල් එකෙන් දාන දැන්වීම් සහ මම පෞද්ගලිකව ෆේස්බුක් හරහා දාපු දැන්වීම් හැරුණු කොට අපි ලොකු ප්‍රචාරණ ක්‍රමවේදයක් ගෙනිච්චේ නෑ. ඒත් මේ වෙනකොටත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂක පිරිස ගැන සතුටුයි. අපි මේ නාට්‍ය කොටස් හැටකට කරන්න හිටියේ. ඒත් අපේ කොටස් කිහිපයක් පෙන්නුවම ස්වර්ණවාහිනියේ මිස්ටර් මහේන් කිව්වා නාට්‍ය කොටස් සියයක් කරන්න කියලා.

පළමු අධ්‍යක්ෂණ කාර්යය අභියෝගයක් වුණේ නැද්ද?

මම ටෙලිනාට්‍ය රංගනයට දායක වෙන්න අරගෙන ලබන වසරට අවුරුදු විස්සක් වෙනවා. මම මේ වෙනකල් ටෙලි නාට්‍යයක සහාය අධ්‍යක්ෂවරයෙක් විදියටවත් වැඩ කළේ නෑ. නමුත් මම වේදිකාවත් එක්ක වැඩ කළා. මම අධ්‍යක්ෂණයට එන්න කලින් ඊට අවශ්‍ය සියලු දේ හැදෑරුවා. අධ්‍යක්ෂණයේදි කැමරා අධ්‍යක්ෂවරයාගේ ඇස, පිටපත් රචකයාගේ හිත මේ සියල්ල එයට බලපානවා. පැකේජ්හි කැමරා අධ්‍යක්ෂණයට එකතු වෙන්නේ රුවන් චමින්ද කුමානායක, මම, බුද්ධික, රුවන් අපි තුන් කට්ටුවම කතා බහ කරලා තමයි මේ කාර්යය කරන්න ගත්තේ. ඒ නිසා මම පුංචි තිරයේ අධ්‍යක්ෂණයට ආධුනික බවක් පේන්නේ නෑ කියලා බොහෝ අය කියනවා.

පැකේජ් තුළින් දකින්න ලැබෙන්නේ ඔබේ අධ්‍යක්ෂණ කාර්යයේ උපරිමයද?

මට තව කාලය ලැබුණා නම් මීටත් වඩා දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවා. කපිල නවරත්න සහ තුසර වීරසූරිය තමයි මේ නාට්‍යයේ නිෂ්පාදනයට දායක වෙන්නේ. ඒ වගේම ජ්ඊඊ නිෂ්පාදන ආයතනය මෙහි පසු නිෂ්පාදන කටයුතුවලට දායක වෙනවා.

අපි නිෂ්පාදකවරු ගැනත් හිතලා ලැබන කාලයට අවශ්‍ය කොටස් ප්‍රමාණයක් රූගත කරනවා. ඉතිං මං ලැබෙන කාලය ඇතුළත උපරිම දෙයක් කරන්න උත්සාහ කරනවා.

දෙපිට කැපෙන වචන දාලා බාල හාස්‍යයක් උපද්දවනව කියලා හාසේ‍යාත්පාදක නාට්‍යවලට චෝදනා නැඟෙනවා. මෙයත් හාසේ‍යාත්පාදක නාට්‍යයක්. මෙයට ඒ චෝදනා එල්ල වෙන එකක් නැද්ද?

මේ නාට්‍ය සීරියස් කොමඩි එකක්. මෙය හාසේ‍යාත්පාදක නාට්‍යයක් වුණාට මෙහි යටිපෙළ කතාවක් තියෙනවා. මෙහි අතින් දාපු විහිළු නැහැ. බුද්ධික කාලීන, දේශපාලන වාතාවරණය ගැන ලිව්ව දේවල් මම හංගලා තියෙනවා. අපිට අවශ්‍ය පණිවුඩය අපි හංගලා දීලා තියෙනවා. අපි අපේ ජීවිතවලටමයි හිනා වුණොත් හිනා වෙන්නේ. ගිරිරාජ්, කුසුම් රේණු, පියුමි බොතේජු, සරත්, මධුශාන් වගේ කොමඩි ඩ්‍රාමාවලටම නම හැදුණ පිරිසක් නාට්‍යයට සම්බන්ධ වෙනවා. ඔවුන් ඒ චරිත උපරිමයෙන් ඉෂ්ට කරනවා.

ඔබ අධ්‍යක්ෂණයට අලුත්. ඔබේ කාර්යය සාර්ථක කරගන්න රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණද?

මේ නාට්‍යයට මාත් එක්ක වේදිකාවේ, පුංචි තිරයේ, සිනමාවේ වැඩ කළ අය තමයි මම සම්බන්ධ කරගත්තේ. බුද්ධිකව වුණත් බටහිර අහස ටෙලි නාට්‍යයේදී මට මුණගැහිලා තියෙනවා. හැමෝම පුදුම සහායක් මට දුන්නේ. මාදිනි මටත් වඩා මාස දෙකක් බාලයි. හැබැයි ඇය මගේ අම්මා විදියට රඟපෑවා. මට අවශ්‍ය රංගනය නාට්‍යයේ රඟපාන ප්‍රවීණ, තරුණ හැම ශිල්පියෙක්ගෙන්ම ගන්න පුළුවන් වුණා.

ඔබත් මෙහි රංගනයට එකතු වෙනවා. ඔබේ අධ්‍යක්ෂණයක් නිසාද ඔබ මෙහි රඟපාන්නත් හිතුවේ?

මම මේ නාට්‍යයේ රඟපාන්න නෙවෙයි හිටියේ. නමුත් බුද්ධික පැකේජ් පිටපත ලියලා තිබ්බේ ඊට අදාළ චරිත ඔළුවේ තියාගෙන. ඉතිං ඒ චරිත ඇතුළේ මමත් ඉඳලා තියෙනවා. මම වෙනත් ශිල්පීන්ගේ නම් යෝජනා කළත් බුද්ධික කිව්වේ ඒ චරිතය මම කරන්න ඕනේ කියලා. ඔහුගේ පෙරැත්තය නිසා තමයි මම රඟපෑවේ.

අධ්‍යක්ෂණයයි රංගනයයි දෙකම කරද්දී කරන කාර්යය සාර්ථක කර ගන්න පුළුවන්ද?

අධ්‍යක්ෂණයයි රංගනයයි දෙකම එකට කරද්දී වෙහෙස වැඩියි. මම රඟපාද්දී මට අවශ්‍ය සීන් එක එනකල්ම මම ඒක ෂුට් කරනවා. පුළුවන් තරම් කරන වැඩේ සාර්ථකව කරන්න මම මහන්සි වෙනවා.

ඔබ ගුරු භූමිකාවත් නියෝජනය කරන කෙනෙක්. ඒ වැඩකටයුතුත් එක්ක කලා කටයුතුවලට ඉඩ හදාගන්න පහසුද?

මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඍඪඵඪබඪදඨ ඹ්ඥජබභපඥප කෙනෙක් විදියට වැඩ කරනවා. ඒ වගේම ජාත්‍යන්තර පාසල් දෙකකත් පාට් ටයිම් වැඩ කරනවා. නාට්‍ය විෂය තමයි මම උගන්වන්නේ. ඒ වැඩත් එක්ක කාලය හදාගෙන මේ වැඩකටයුතු කරනවා.

සුදර්ශන පසුගිය කාලේ විශේෂ කටයුත්තකට පාකිස්තානයටත් ගියා නේද?

ඔව්. තරුණ නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සමුළුවකට සහභාගි වෙන්න මම පාකිස්තානයට ගියා. රටවල් ගණනාවක අධ්‍යක්ෂවරු එයට සහභාගි වුණා. එහිදී එකතු වෙලා කළ වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කළෙත් මම. මට ගිය වසරේ මේ සමුළුවටම ජර්මනියේ යන්න වුණා. මේ අවස්ථාව ගොඩක් හොඳ අවස්ථාවක්. ඒ අත්දැකීම්, ඒ දැනුම මට ගොඩක් වැදගත් වුණා.

සුදර්ශන අධ්‍යක්ෂණ භූමිකාවට එකතු වුණ නිසා අනෙක් අධ්‍යක්ෂවරුන්ගේ වැඩ සුදර්ශනට මඟහැරෙන එකක් නැද්ද?

ඇත්තටම පසුගිය මැයි, ජුනි, ජූලි මාසවල ලැබුණ වෙනත් ආරාධනා නම් මම භාර ගත්තේ නෑ. ඊට පස්සේ මම ටෙලි නාට්‍ය තුනක වැඩ කළා. මහේන්ද්‍ර කුලසිංහ අයියගේ ටෙලි නාට්‍යයක හොඳ චරිතයක් කරන්න ලැබුණා. 'සිඳු' නාට්‍යයටත් සම්බන්ධ වුණා. 'සිඳු' නාට්‍යයේ මගේ චරිතයටත් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon