කොලොන්නාව පුරාණ රජමහා විහාරයේ ඉදිකළ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

  👤  1545 readers have read this article !
Published by : MB WEB 2018-09-13 13:43:34

කොලොන්නාව පුරාණ රජමහා විහාරයේ ඉදිකළ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (12) පස්වරුවේ පැවැත්විණි.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර විහාරාධිපති පූජ්‍ය කොලොන්නාවේ ධම්මික නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය එහිදී ආගමික වතාවත් සිදුකොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළ.

අනතුරුව අභිනව වාහල්කඩ විවෘත කිරීමට අදාළ සමරු ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

කොළඹ දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම්. මරික්කාර් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon