කරාතේ තරගාවලියෙන් බුද්ධරාජ විද්‍යාලයට ජය

  👤  1872 readers have read this article !
Published by : MB WEB 2018-09-11 06:16:07

නවතිස්පනේ - ඩී.එම්.ඩී. සිසිර

මධ්‍යම පළාත් කනිෂ්ඨ ශූරතා කරාතේ තරගාවලිය 2018 කාතා හා කුමිතේ අංශයේ ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගැනීමට මප/කොත් ශ්‍රී බුද්ධරාජ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් දහතුන් දෙනකු සමත්ව තිබේ.

මහනුවර සුදුහුම්පොළ නාගරික ක්‍රීඩාංගණ ශාලාවේදී පැවැති මෙම තරගාවලියේදී නුවරඑළිය, මහනුවර හා මාතලේ යන දිස්ත්‍රික්කවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වූහ.

මෙම තරගාවලියේදී මෙම විද්‍යාලයේ සිසු සිසුවියන් කාතා අංශයෙන් දිස්ත්‍රික් ජයග්‍රහණ තුනක් හා කුමිතේ අංශයෙන් ජයග්‍රහණ දහයක් දිනා ගැනීමට සමත්ව ඇති අතර පළාත් තරගයේදී කාතා අංශයෙන් ස්ථාන හයක් හා කුමිතේ අංශයෙන් ජයග්‍රහණ අටක් ලබා ඇත.

මෙම ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකරු ලෙස නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ කරාතේ ක්‍රීඩාව භාර ආචාර්ය ඒ.ඩී.එන්. දිල්රුක්ෂි (සෙන්සෙ) මහත්මිය කටයුතු කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon