සුමති සම්මාන උළෙලේදී 'අපේ ආදරේ' ජනප්‍රියම නාට්‍යය වුණේ කොහොමද?

  👤  2406 readers have read this article !
Published by : MB WEB 2018-09-13 09:18:00

මෙවර සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි නාට්‍ය "අපේ ආදරේ". ඔබ අධ්‍යක්ෂණය කළ නාට්‍යයට සම්මානනීය ඇගයුමක් ලැබීම ගැන සතුටින් ඇත්තේ?

ඔව්. ඒ ගැන සතුටක් තියෙනවා.

මෙදා සැරේ ජනප්‍රිය සම්මානය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇත්තේ?

ඒකම ඕන කියලා බලාපොරොත්තු වුණා නෙවෙයි. අපි ඒක වෙනුවෙන්ම වැඩ කළත් නෙවෙයි. මිනිසුන්ට බලන්න හොඳ යමක් දෙන්න ඕන කියන අදහසින් තමයි අපි වැඩ කළේ. ඉතින් අපේ නාට්‍ය ප්‍රේක්‍ෂකයෝ වැලඳ ගත්තා.

ඔබේ නිර්මාණයට ජනප්‍රිය ටෙලි නාට්‍යයට හිමි සම්මානය ලැබුණාට සතුටු වෙන පිරිසක් වගේම ඒ සම්මානය ගැන අසතුටු වෙන පිරිසකුත් ඉන්නවා නේද?

සම්මානයක් තමන්ට ලැබුණම සතුටු වෙන අය ඒ සම්මානය වෙන කෙනකුට ලැබෙද්දී අසතුටු වෙනවා. නමුත් ක්ෂේත්‍රයේ කාට හරි සම්මානයක් ලැබුණාම ඒ ගැන සතුටු වෙන එක තමයි අනෙක් අයගේ යුතුකම. මගේ මීට කලින් රේටින් ඇවිත් තිබ්බ අකඩවාරිය ටෙලි නාට්‍යයට ජනප්‍රිය සම්මානයක් නොලැබුණා කියලා මම දුක් වුණේ නැහැ. සම්මානයක් නොලැබුණා කියලා අනෙක් අයට ‍ෙදාස් කියලා වැඩක් නැහැ.

යූ ටියුබ් මඪඥඹඵ බැලුවත් දෙවැනි ඉනිමට වඩා අපේ ආදරේ පහළ තැනකනේ ඉන්නේ. එහෙම වෙලත් දෙවැනි ඉනිම පරාද කරලා අපේ ආදරේ ජනප්‍රිය සම්මානය ගත්ත එකත් ප්‍රශ්නයක් නේද?

දෙවැනි ඉනිම පටන් අරගෙන කාලයක් වෙනවා. අපි නාට්‍ය පටන් ගද්දී සියත කියලා චැනල් එකක් තියෙනවාද කියලා සමහරු දන්නෙත් නෑ. අපි ඒ තත්ත්වය වෙනස් කළා. ක්ෂේත්‍රයේ පිරිසක් ඉන්නවා අපේ නාට්‍ය බලන. එක චැනල් එකකට හිර වෙන්නෙ නැතුව අපේ නාට්‍ය බලලා ඉවර වෙලා චෝදනා කරන්න ඕන කෙනෙක්. අපේ නාට්‍ය බැලුවොත් ජනප්‍රිය නාට්‍ය අතරින් හොඳ නාට්‍ය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්.
දෙවැනි ඉනිම අපිත් බැලුවා. නමුත් දැන් ඒක එකම තැන කතාව යනවා. එක තැන පල්වෙන නාට්‍ය බලපු ප්‍රේක්‍ෂකයෝ ගැලවි ගැලවී ඇවිත් දැන් අපේ නාට්‍ය බලනවා. කොහොම වුණත් මට කා එක්කවත් තරගයක් නෑ.

අපේ ආදරේ නාට්‍ය රේටින්ග්ස් අඩු තැනක තිබිලත් ඵථඵ විප්ලවයක් කරගෙන මේ සම්මාන ගත්තා කියලා චෝදනා නැඟෙනවා?

ජනප්‍රිය සම්මානය ගන්න ඕන කෙනෙක් මහන්සි වෙනවා. ඔය රේටින්ග්ස් කියන කතාන්දරය විශ්්වාස කරන්න බැහැ.

ඒකේ විශ්වාස කරන්න බැරි ලොකු කතන්දර ගොඩක් තියෙනවා. පෞද්ගලික හිතවත්කම්, මුදල්, ආයතනවල වුවමනාවන් එක්ක ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්.

කොහොම වුණත් කවුරු කවුරු හරි අපේ නාට්‍යට ඵථඵ ගැහුවා. අපි ජනප්‍රිය සම්මානය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ නැහැ. අපේ නාට්‍ය ජනප්‍රිය නාට්‍ය දහය අතරට තේරිලා කියලා අපිට කියන කල් අපි දැනගෙන හිටියේ නැහැ. කොහොම වුණත් අපිට ප්‍රේක්ෂක පිරිසක් හැදුණා. මේක එක තැන පල්වෙන නාට්‍යයක් නොවෙන නිසා ප්‍රේක්ෂකයෝ මෙය වැලඳ ගත්තා.

ප්‍රේක්ෂකයෝ නොවෙයි ඵථඵ ගහලා නාට්‍ය ජනප්‍රිය නාට්‍ය කරගත්තේ ඔබලාමයි කියලා සමහරු චෝදනා නඟනවා.

කට්ටියට ඉතින් එක එක කතා කියන්න පුළුවන්නේ. ලංකාවේ හැටිනේ. අපේ ප්‍රේක්ෂකයෝ වගේම අපේ නාට්‍යයේ නිෂ්පාදකවරයත් යම් ඵථඵ ප්‍රමාණයක් ගහන්න ඇති. ඕක ඉතින් අපි විතරක් කරන දෙයක් නෙවෙයි. හැම නාට්‍යයක්ම තමන්ගේ නාට්‍ය ජනප්‍රිය කරගන්න ඒ වගේ දේවල් කරනවා. මේ සම්මාන උළෙලවලදී ඕන කෙනෙක්ට ඕන ඵථඵ ප්‍රමාණයක් ගහගන්න පුළුවන්. ඉතින් ඒකේ නිර්මාණ ශිල්පියෝ්, නළු නිළියෝ තමන්්ගේ නිර්මාණය වෙනුවෙන් ඵථඵ කරනවා. එහෙම බැලුවොත් ජනප්‍රිය නළුවා, නිළිය ඇත්තටම ජනප්‍රියද කියලා හොයාගන්න ක්‍රමවේදයක් තිබෙනවාද? "අපේ ආදරේ" විතරක් ජනප්‍රිය නාට්‍ය වුණාම ඇයි එ්ක ගැටලුවක් කරගන්නේ. මහන්සි වෙලත් සම්මානය දිනාගන්න බැරි වුණු අය තමයි දොස් නඟන්නේ.

ඉතින් තම තමන්ම ඵථඵ කරගෙන ජනප්‍රිය සම්මානය ගන්න එකේ තියෙන වටිනාකම මොකක්ද?

දැන් ටෙලි නාට්‍ය කියන්නේ වෙළෙඳ භාණ්ඩයක්. ඉතින් හැම නාළිකාවක්ම තමන්ගේ නාළිකාවේ විකාශය වන නාට්‍ය ඉහළටම ගන්න තරග කරනවා. හැම සම්මාන උළෙලකම ජනප්‍රිය සම්මානය නිර්මාණය වී තිබෙන විදියත් එක්ක තමන්ගේ නාට්‍ය ඉස්සරහට ගන්න අවශ්‍ය කැම්පේන් එක නාළිකා කරනවා. මේක ක්‍රමවේදය පිළිබඳ ගැටලුවක්. ‍ෙදාස් කියන්න ඕන ඒ ක්‍රමවේදයට. ඕන තරමක් ඵථඵ ගහන්න පුළුවන් කිව්වම හැමෝම තමන්ගේ වෙළෙඳ භාණ්ඩය විකුණා ගන්න ඵථඵ කරනවා. ඔය දොස් නඟන අයත් ඵථඵ ගහගෙන ඒ සම්මානය ගන්න බැරි වුණාම ‍ෙදාස් නඟලා තේරුමක් නෑ.

ඔය විදියට සම්මාන අරගෙන වැඩක් නෑනේ?

ඔව්. එහෙම අරගෙන වැඩක් නැහැ. මේ තෝරන්නේ හොඳම සම්මානය නම් ඒක තෝරන්නේ ජූරියකින්. ජනප්‍රිය සම්මානය ප්‍රේක්ෂකයන්ට තෝරන්න දෙන්නේ. ප්‍රේක්ෂකයෝ විවිධයි. හැම නාළිකාවකටම බැඳුණ, නිෂ්පාදකවරයා, රංගන ශිල්පීන්, ශිල්පිනියන් වටා එකතු වුණු පිරිසක් නාට්‍ය වටා එකතු වෙනවා. ඒ වගේම නාළිකාව තමන්ගේ නාළිකාවේ නාට්‍යයකට සම්මානය ගන්න මහන්සි වෙනවා. ඵථඵ ගැනීමේදී මේ ක්‍රමවේදය ඇතුළේ ඒක කරන්න සිද්ධ වෙනවා.

ජනප්‍රිය සම්මානය පැත්තක තියමුකෝ. ඇත්ත කතා කරමු. "අපේ ආදරේ" ප්‍රේක්ෂකයෝ දිනාගෙනද ඉන්නේ?

අපි ප්‍රේක්ෂකයෝ දිනා ගනිමින් ඉන්නවා. සියත නාළිකාව පටන් ගත්ත තැන එක්ක බලද්දී අපි දැන් දැවැන්ත පියවරක් ඉදිරියට තියලා තියෙනවා. අපේ නාට්‍ය දවස් දෙකක් බැලුවොත් ඒ අය අපේ නාට්‍ය ළඟ නතර වෙනවා. වේගය, කාලය, මුදල් කියන සාධකත් එක්ක අපි හොඳ සටනක් කරලා හොඳ දෙයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න උත්සාහ කරනවා.

හැමෝම ජනප්‍රිය සම්මානය ඇතුළේ කරන්නේ බොරුවක් කියලද ඔබ කියන්නේ?

මෙහෙමයි. හැමෝම දඟලන්නේ බොරුවකට. ටෙලිවිෂන් කියලා හැමෝම කරන්නේ බොරුවක්. දැන් ලැබෙන මුදල එක්ක ගුවන් කාලය පුරවලා රස්සාවක් කරන සිස්ටම් එකක් තියෙන්නේ. නිර්මාණ කිව්වට ඒක තමයි වෙන්නේ. ඉන්දියන් නාට්‍ය එක්ක තරග කරමින් මේ ලැබෙන සොච්චම් මුදලෙන් නාට්‍ය කරනවාට අපිට වෙනම සම්මානයක් දෙන්න ඕන.

එහෙම නම් ඇයි මේ කලාවෙම එල්ලිලා ඉන්නේ?

මම අවුරුදු තිහක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. මම ප්‍රගුණ කළේ මේ කලාව. මට මේ රස්සාව දාලා යන්න බැහැ. ඉතින් ලැබෙන මුදලෙන් මැච් එකක් ගහන එක තමයි අපි කරන්නේ. මේ කලාව ගැන බලන්න කවුරුත් නෑ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon