13 වැනි ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ සුහද පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් හෙට සිට දින තුනක්

  👤  1073 readers have read this article !
Published by : MB WEB 2018-09-06 14:35:15

සැප්තැම්බර් 7 වැනිදා (හෙට) සිට 9 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත 13 වැනි ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ සුහද පාපන්දු තරගාවලියේ ශූරතාව 5වැනි වරටත් දිනාගැනීමේ අපේක්ෂාවෙන් කොළඹ ප්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම මෙවර තරගාවලියට එක්වෙයි.

2005 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව සහභාගි වූයේ ඉන්දියාව, මැලේසියාව හා සිංගප්පූරුව පමණි. කණ්ඩායම් 4ක් පමණක් පළමු තරගාවලියට සහභාගි වුවත් මේ වන විට එය යුරෝපීය පාපන්දු කණ්ඩායම් දෙකක් ඇතුළුව කණ්ඩායම් 10ක් දක්වා වර්ධනය වී තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව මෙවර චෙන්නායි ප්‍රවීණයෝ්(ඉන්දියාව), ඩුබායි ප්‍රවීණයෝ්(එක්සත් අරාබි එමීර් රාජ්‍ය), ලන්ඩන් ඔලිම්පික් ප්‍රවීණයෝ(එංගලන්තය), මෙඩන් ප්‍රවීණයෝ(ඉන්දුනීසියාව), ප්ලේම්ස් ක්‍රීඩා(දකුණු අප්‍රිකාව), සවන්නා ප්‍රවීණයෝ(සිංගප්පූරුව), ශ්‍රී ලක් පාපන්දු සමාජය-මිලාන්(ඉතාලිය) හා කොළඹ ප්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම සුහද පාපන්දු තරගාවලියේ ශූරතාව වෙනුවෙන් තරග වදිනු ඇත. සත්කාරක කොළඹ ප්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම මෙම තරගාවලියේ ශූරතාව සිවු වරක් හිමිකරගෙන ඇත.

කොළඹ ප්‍රවීණයන්ගේ කණ්ඩායම _ ප්‍රියන්ත ලියනගේ, ජෝසප් ශාන්තකුමාර්, එම්.ඩබ්ලිව්.එම්.හිෂාම්, එම්.එස්.එම්.ෆායිස්, ආර්.පුවනෙන්තිරන්, ජයශාන්ත ලියනගේ, ජගත් රොහාන්, මැක්සි ලැට්රන්, ධම්මික සෙනරත්, රොශාන් පීරිස්, විජය බාස්කර්, මොහොමඩ් ඉම්තිශාන්, ප්‍රසන්න හෙට්ටිආරච්චි, ආර්.එස්.ප්‍රදීප්, සිසිර කුමාර, මොහොමඩ් ඉක්රම්, මොහොමඩ් ඉෂ්මර්ලි, ජීවන්ත රත්නායක, සමන්ත පෙරේරා, එම්.එච්.රූමි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon