අමල්ගේ ගීත නදීමාල්ට ගයන්න බැරිද?

  👤  3488 readers have read this article !
Published by : MB WEB 2018-09-04 09:26:12

නදීමාල් පෙරේරා කියන්නේ නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු අලුත් ගීතයක් රසිකයන් අතරට ගෙනත්. ඒ ගීතය ගැන වගේම ඔහුගේ ගායන ජීවිතයේ ගැන තොරතුරු දැනගන්න අපි ඔහුත් සමඟ කතාබහ කළා.

මොකක්ද මේ නදිමාල්ගේ නුරා වසන්තේ?

"නුරා වසන්තේ" කියන්නේ මගේ අලුත්ම ගීතය. මෙලඩි එක කළේ මම. පද රචනය උමා අසේනිගේ.
මට මුලින්ම මෙලඩි එකක් ආවා. ඒක මම රෙකෝඩ් කරලා උමා අක්කට යැව්වා. මට ඒකට වචන ටිකක් ලියලා දෙන්න කියලා. ඊට පස්සේ පසන් අයියා ඒක තව ලස්සන කරලා ගත්තා. ඒ ගීතය මගේ යූ ටියුබ් චැනල් එක ඔස්සේ තමයි මුලින්ම ප්‍රචාරය කළේ.

ගීතයක් කරන්න ගොඩාක් කල් ගන්නවා. මොකක්ද ඒකට හේතුව?

සමහරවිට ඒක කම්මැළිකම වෙන්න ඇති. ඇත්තටම කල් ගත්තා වැඩියි. වැඩ එක්ක නිදහස් වෙලාවක් හොයාගන්න අමාරුයි. ඉස්සරහට එහෙම වෙන එකක් නෑ.

දැන් ගොඩාක් අය සිංදුවක් කළාම වීඩියෝ එකක් කරන්නෙ නැතුව ඒභඤඪධ එක යූ ටියුබ් එකට දාන ට්‍රෙන්ඩ් එකක් තියනවා. ඒ ට්‍රෙන්ඩ් එක නිසාද ඔබත් ඒභඤඪධ එකක් විතරක් යූ ටියුබ් දැම්මේ?

නැහැ. ඇත්තටම මම වීඩියෝ එකක් කළා නම් ලොකු කාලයක් යනවා. මම දැනටමත් පරක්කු වැඩි නිසා අනික් කට්ටියගෙනුත් අහල බලලා මම කල්පනා කළා ඒකට ලිරික්ස් වීඩියෝ එකක් කරන්න. මොකද මේකට වීඩියෝ එකක් කළා නම් තව අවුරුද්දක්වත් යනවා සිංදුව අවුට් කරන්න. ඒක නිසා තමයි ඕඩියෝ එකක් විතරක් රිලීස් කළේ.

ඒ කියන්නේ මේ සිංදුවට වීඩියෝ එකක් දැන්ම කරන්න අදහසක් නැද්ද?

වීඩියෝ එකක් කරන්න අදහසක් තියෙනවා. බලමු තව ඉස්සරහට.

ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර නම් හොඳටම හොඳයි. ඇත්තටම ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩාක් සතුටුයි.

නදීමාල් ප්‍රසංග වේදිකාවෙදි තාත්තාගේ ගීත කියනවා අඩුයිනේ. ඇයි ඒ, තාත්තා එපා කියලා තියෙනවද?

සාමාන්‍යයෙන් මම තාත්තාගේ ගීත කියනවා අඩුයි. මගෙන් තාත්තාගේ ගීත ඉල්ලුවොත් තමයි මම කියන්නේ. මම එහෙම ලොකුවට තාත්තාගේ ගීත කියන්නේ නැත්තේ තාත්තාත් ඉන්නේ මේ ක්ෂේත්‍රයේ නිසා.

නදීමාල්ගේ තාත්තා අමල් පෙරේරා කියලා හඳුන්වන දවසක් හදන්න තව කල් වැඩිද?

මගේ නම කියලා තාත්තාව හඳුන්වලා දෙන්න ඕනේ නෑ. මිනිස්සු මාව දැනගත්තෙ අමල් පෙරේරාගේ පුතා විදියටනේ. ඒක වෙනස් කරන්න ඕනේ නෑ.

තමන්ගෙම කියලා අනන්‍යතාවක් ගොඩනඟා ගන්න කැමැති නැද්ද?

අනිවාර්යයෙන්ම කැමැතියි. මගේ අනන්‍යතාවක් ගොඩනඟන එක තමයි මම මේ කරමින් ඉන්නේ. ඒකට තාම මම වැඩ කරගෙන යනවා. මේ ගීතයත් මගේ අනන්‍යතාව ගොඩනැඟීමේ එක පියවරක් තමයි.

ජනප්‍රිය ගායන ශිල්පීන්ගේ දරුවන් අතරින් මේ වෙනකොට සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්නේ කවුද?

සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්නේ සනුක. මොකද මම සනුකගේ ෆෑන් කෙනෙක්.

එහෙම කියන්න හේතුව මොකක්ද?

සනුක කියන්නේ දක්ෂ කෙනෙක්. මනුස්සයෙක් විදියට ගත්තත් හරිම හොඳයි. ඒ වගේම හොඳ යාළුවෙක්. සහෝදරයෙක් වගේ කෙනෙක්.

නදීමාල්, සනුක, සජිත අතරේ තියෙන යාළුකම තාමත් සුරක්ෂිතද?

ඔව්. අපි අතර තාමත් යාළුකම තියෙනවා. අපේ සම්බන්ධය නැතිවෙයි කියලා මම හිතන්නේ නැහැ.

ඒ වුණාට අනිත් අයත් එක්ක බලද්දී සනුක සහ ඔබ අතර ලොකු යාළුකමක් තියෙනවා නේද?

අපේ යාළුවන්ගෙන් මට වැඩිපුරම හම්බවෙන්නේ සජිතවයි, සනුකවයි තමයි. ඒ දෙන්නට සාපේක්ෂව අනික් අය මුණගැහෙනවා අඩුයි. සජිත හිටපු ගමන් මේ ඉන්නවා මේ නෑ. හැබැයි කොහොම වුණත් අපි තුන්දෙනා එකට තමයි ඉන්නේ. සනුකව තමයි මට වැඩිපුරම මුණගැහෙන්නේ.

නදීමාල්ට තරුණියන්ගෙන් ලොකු ආකර්ෂණයක් තියෙනවා කියන්නේ ඇත්තද?

අනේ මන්දා. එහෙම ආකර්ෂණයක් තියෙනවාද කියලා මම දන්නේ නෑ.

නිරූපිකාවක් එක්ක නදීමාල් ආදර සම්බන්ධයක පැටලිලා කියන්නේ ඇත්තද?

මම පෞද්ගලිකත්වය ගැන කතා කරන්න කැමැති නැහැ. පෞද්ගලික ජීවිතයේ දේවල් අවශ්‍ය කාලෙට කියන්නම්.

ඉදිරි වැඩ කටයුතු මොනවාද?

මගේ බෑන්ඩ් එක පටන් ගත්තා. ඒකේ නම 'පොයින්ට් 5' ඉස්සරහට කොන්සර්ට් කිහිපයක් කරන්න තියෙනවා. ඒවත් කරගෙන මගේ ඊළඟ ගීතයට ලෑස්ති වෙනවා.

උදාරා ඉන්දිවරි ජිනදාස

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon