කටුනායක - කොචින් ගුවන් ගමන් 26 තෙක්ම නෑ

  👤  1542 readers have read this article !
Published by : MB WEB 2018-08-20 10:30:28

අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ගුවන්යානා මෙහෙයුම් අත්හිටුවීම මේ මස 26දා දක්වා තවදුරටත් දීර්ඝ කර ඇතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

අයහපත් කාලගුණය සහ ගංවතුර ආපදාව හේතුවෙන් ඉකුත් 14දා සිට 18 දක්වා කටුනායක සහ කොචින් අතර ගුවන් ගමන් අත්හිටුවා තිබූ අතර තවදුරටත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොචින් ගුවන්තොටුපළේ ගුවන් යානා මෙහෙයුම් ලබන මස 26දා තෙක් අත්හිටුවීමට කොචින් ගුවන්තොට බලධාරීන් තීරණය කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon