චීනය ඇමෙරිකානු ඉලක්කවලට 'පහරදීමට පුහුණුවක' යෙදෙන බව පෙන්ටගනය සැක කරයි
චීන හමුදා පැසිෆික් කලාපයේ ඇති ඇමෙරිකානු සහ මිත්‍ර පාක්ෂික ඉලක්කවලට "පහරදීම සඳහා විය හැකි පුහුණුවක" යෙදෙන බවට පෙන්ටගනය අනතුරු අඟවයි.
බෝම්බ රැගත් යානා වැඩි දුරකට පියාසර කිරීමේ හැකියාව වර්ධනය කරගැනීමට චීනය කටයුතු කරමින් සිටින බව ඇමෙරිකානු කොංග්‍රසයට සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් පෙන්ටගනය හෙවත් එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව කියා සිටී.
ඩොලර් බිලියන 190 ක ඇස්තමේන්තුගත ආරක්ෂක වියදම් ද ඇතුළුව චීනය තමන්ගේ යුද හැකියාව වර්ධනය කරගනිමින් සිටින බව වාර්තාවෙන් ඉස්මතු කර දක්වයි.
එම වාර්තාව සම්බන්ධයෙන් චීනය මේ දක්වා ප්‍රතිචාර දක්වා නැත.
ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම, චීනයේ යුද සහ ආර්ථික අභිලාශ පිළිබඳ කළ පුළුල් විග්රහයක කොටසක් පමණි.
"පසුගිය වසර තුන පුරා, මහජන විමුක්ති හමුදාව (චීන හමුදාව) සාගරයට ඉහළින් බෝම්බ දැමීමේ හැකියාව වේගයෙන් වර්ධනය කළා. ඒ අනුව, තීරණාත්මක සමුද්‍ර කලාප තුළ අත්දැකීම් වැඩිකර ගනිමින් සහ ඇමෙරිකාවට හා මිත්‍ර ඉලක්කවලට එරෙහිව පහරදිය හැකි පුහුණුවීම්වල යෙදුනා" යැයි වාර්තාවේ සඳහන්වේ.
එසේම, එවැනි ගුවන් ගමන් මගින් ළඟාකර ගැනීමට බලාපොරොත්තුවන අපේක්ෂාව අපැහැදිළි බව එහි වැඩිදුරටත් සඳහන්වේ.
මහජන විමුක්ති හමුදාව සමහර විට " ගුවාම් (Guam) ද බටහිර පැසිෆික් සාගරයේ ඇති ඇමෙරිකානු සහ මිත්‍ර පාක්ෂික හමුදා සහ හමුදා කඳවුරුවලට පහරදීමට ඇති හැකියාව" පෙන්වීමට ඉඩක් පවතින බවත් වාර්තාව පෙන්වාදේ.
"සටන් කිරීමට සහ දිනීමට" චීනය සිය හමුදා ප්‍රතිව්‍යුහගත කරමින් සිටින බව ද ඉන් කියා සිටී.
මීළඟ වසර 10 තුළ චීන යුද වියදම ඩොලර් බිලියන 240 දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බව ද කියැවේ.
එසේම එමගින් "අභ්‍යවකාශය හමුදාකරණයට එරෙහි ස්ථාවරයක මහජනයා සිටියද" වැඩිදියුණු කරමින් පවතින චීනයේ අභ්‍යවකාශ වැඩපිළිවෙල ගැන ද වාර්තාවේ සඳහන් වේ.
අද මව්බිමෙන්
- ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට උතුරේ වැසියන්ගෙන් ලක්ෂයක පෙත්සමක් 🕔2019-02-19
- ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කර පූජා කෙරේ 🕔2019-02-19
- මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා 🕔2019-02-19
- දඹුල්ලෙන් ගුවන් ගත කළ බැලුනයක් ගල්කිරියාගම වගා බිමකට ගොඩබස්වයි 🕔2019-02-19
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමයි 🕔2019-02-19
- එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකක් හෙට සහ අනිද්දා 🕔2019-02-19
- ජර්මනියේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක් තැපෑලෙන් එවලා 🕔2019-02-19
- සිංහරාජයෙන් පන්නන්න හැදූ සතුන්ගේ සිරුරු සංඛ්‍යාව 1173ක් 🕔2019-02-19
- අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බලන ඥාතීන්ගේ සංගමය යාපනයේ එ.ජා. සංවිධානයට පෙත්සමක් භාර දෙයි 🕔2019-02-19
- ටෙන්ඩර් ක්රමයේ විනිවිදභාවයක් නෑ ශ්‍රී ලංකාව ආයෝජනයට නුසුදුසුයි 🕔2019-02-19
- රනිල් - මෛත්‍රි කඹ ඇදිල්ලෙන් වී මෝල් හිමියන්ට මිලියන 1000ක සහන ණය මුදල අහිමි වෙයි 🕔2019-02-19
- අලුගෝසු තනතුරට අයැදුම් කරන්න අධ්‍යාපන සුදුසුකම් මදි 🕔2019-02-19
- සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ හිමිවීම් කොට උඩ 🕔2019-02-19
- රනිල් ප්රමුඛ එජාපය ඡන්ද කල්දාන්නේ සල්ලි හොරකම් කරන න්‍යාය පත්‍රය නිසයි 🕔2019-02-19
- රණවිරු දඩයම නවතා දමන්න 🕔2019-02-19
- ආයෝජන මෙරටට ගෙන ඒමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා 🕔2019-02-19
- අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතිය යටතේ ගම්මාන 250ක් 🕔2019-02-19
- ඇමැති රන්ජන්ගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න 🕔2019-02-19
- ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් අඩුලුහුඬුකම් නිසයි 🕔2019-02-19
- රුපියල් මිලියන 12,000ක් වෙන් වෙයි 🕔2019-02-19