ප්‍රශ්න කරන්න CIDයට මහින්දගෙන් වේලාවක්

  👤  934 readers have read this article !
Published by : MB WEB 2018-08-17 08:32:11

චාමර අමරසූරිය

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර වධ හිංසනයට පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් රහස් පොලිසිය අද (17දා) දින ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබිණි.

කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේදී මෙම ප්‍රකාශය ගැනීමට නියමිතව තිබිණි.

අද (17දා) දින පෙරවරු 11.30ට අදාළ ප්‍රකාශය ලබාදීමට හැකි බවට ඒ මහතා රහස් පොලිස් නිලධාරීන්ට දන්වා ඇත.

ඒ අනුව රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් අද (17දා) දින මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසට යෑමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon