ඩෙංගු මර්දන වැඩසටහන අද සහ හෙට

  👤  1486 readers have read this article !
Published by : MB WEB 2018-08-16 10:50:20

ඉදිරියේදී ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දනය පිළිබඳ දෙදින වැඩසටහනක් අද (16දා) හා හෙට (17දා) දිස්ත්‍රික්ක පහක පැවැත්වෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

කොළඹ, කළුතර, ගම්පහ, යාපනය හා මන්නාරම යන දිස්ත්‍රික්ක පහේ හඳුනාගත්, අවදානම් වැඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 45ක කණ්ඩායම් 764ක සහභාගීත්වයෙන් මේ වැඩසටහන ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායෙන් ක්‍රියාත්මකය.

දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ඩෙංගු රෝගීන් ගැන වාර්තා වීම වැඩිවිය හැකි වුවත්, 2017 පළමු මාස හත සමඟ සැසඳීමේදී එය සියයට 70කට වඩා අඩු බවක් පෙන්වන බවත් එම ඒකකය නිවේදනය කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon