පළාත් සභා ඡන්ද කල් දැමීම ගැන 23දා මැතිසබේ විවාදයක්

  👤  1291 readers have read this article !
Published by : MB WEB 2018-08-15 14:00:56

රුචිර දිලාන් මධුශංඛ

පළාත් සභා මැතිවරණය කල් දැමීම ගැන ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ විවාදයක් පැවැත්වීමට පක්ෂ නායක හමුවේදී තීන්දු කළ බවත් අවශ්‍ය නම් එහිදී ඡන්දයකට වුවද යන බවත් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් 'මව්බිම'ට පැවැසීය.

එහිදී මැතිවරණය පවත්වන්නේ පැරැණි ක්‍රමයටද එසේ නොමැති නම් අලුත් ක්‍රමයටද යන්න පිළිබඳව තීන්දුවක් ගැනීමට නියමිත බවද ඇමැතිවරයා කීවේය.

සියලු පක්ෂවල නියෝජිතයන්ට මැතිවරණය ගැන අදහස් දැක්වීමට එහිදී අවස්ථාව හිමි වන බවත් ඒ සඳහා අවශ්‍ය කාලය ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් පක්ෂ නායක හමුවේදී දැඩිව ඉල්ලීම් කළ බවත් ඇමැතිවරයා කීවේය.

මෙම අදහස් දැක්වීමෙන් අනතුරුව ඡන්දය පවත්වන්නේ කුමන ක්‍රමයටද යන්න තීන්දු කිරීම සඳහා අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ ඡන්දයක්ද ඉල්ලීමට ක්‍රියා කරන බවත් මනෝ ගනේෂන් ඇමැතිවරයා සඳහන් කළේය.

දිනෙන් දින පළාත් සභා මැතිවරණය කල් යෑම නිසා පක්ෂ නායක හමුවේදී කථානායකවරයාගෙන් සභාව තුළ තීන්දුවක් ගැනීම සඳහා 23 වැනිදා මෙම කාලය ලබාගත් බවත් ඇමැතිවරයා කීවේය.

මේ අතර මෙම මැතිවරණය කල් දැමීම ගැන තමන් ඇතුළු පක්ෂ නායකයන් කිහිපදෙනකු හිටපු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon