සැප්: 1දා සිට මාස 2කට සංචාරකයන්ට යාල අභයභූමිය වැසේ

  👤  1045 readers have read this article !
Published by : MB WEB 2018-08-14 14:33:08

සපුමල් ජයසේන

යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් මස 01 වැනි දින සිට ඔක්තෝබර් මස 31 වැනි දින දක්වා මාස දෙකක කාලයක් සංචාරකයන් සඳහා වසා තබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සත්ත්ව විශේෂ බොහොමයකගේ ප්‍රජනනය සිදුවන මෙම මාසවල එම සතුන්ගේ නිදහස සහ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් මෙලෙස වනෝද්‍යානය මාස දෙකක කාලයක් සංචාරකයන්ට වසා තැබේ.

යාල කලාප අංක _ 01ට පමණක් දිනකට සංචාරක ජීප් රථ හාරසියයකට අධික සංඛ්‍යාවක් පැමිණෙන අතර මේ හේතුවෙන් වන සතුන්ගේ නිදහසට මෙන්ම උන්ගේ ස්වාභාවික චර්යාවන්ට දැඩි බාධා ඇති වේ.

උද්‍යානය වසා තැබෙන මාස දෙකක කාලය තුළදී එහි මාර්ග පද්ධතිය සහ සංචාරක නිවාස අලුත්වැඩියා කිරීමටත් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමටත් කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කාලය තුළ පරිසරලෝලීන්ට උඩවලව, මාදුරුඔය, විල්පත්තුව, වස්ගමුව, ලුණුගම්වෙහෙර ආදී වනෝද්‍යාන සංචාරය සඳහා තෝරා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon