උදාන හා රාජිතත් අද තරගයේ සංචිතයට

  👤  1289 readers have read this article !
Published by : MB WEB 2018-08-14 13:17:56

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ අද (14දා) පැවැත්වෙන එකම විස්සයි-20 තරගය සඳහා නම් කර තිබූ 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙහි වෙනස්කම් දෙකක් සිදුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට මෙයට පෙර නම් කර තිබූ ජෙෆ්රි වැන්ඩර්සේ හා ෂෙහාන් මධුසංක ඉන් ඉවත් කොට දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම සමඟ අද පැවැත්වෙන එක්දින තරගයේ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට එක් කර ඇති අතර, විස්සයි-20 සංචිතයෙහි අතිරේක ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර තිබූ ඉසුරු උදාන හා කසුන් රාජිත දකුණු අප්‍රිකාව සමඟ අද පැවැත්වෙන විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වෙන විස්සයි-20 තරගය රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතය.

නව ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය _

ඇන්ජිලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර, ෂෙහාන් ජයසූරිය, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, තිසර පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්, දසුන් ශානක, උපුල් තරංග, ඉසුරු උදාන, කසුන් රාජිත

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon