ඓතිහාසික පෙඩ්රික් බලකොටුව අනතුරේ

  👤  1929 readers have read this article !
Published by : MB WEB 2018-08-14 06:43:27

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ 

බර වාහන නිතර නිතර ඇතුළු කිරීමෙන් පෘතුගීසීන් විසින් ඉදිරිපත් කරන ලද ත්‍රිකුණාමලය ෆෙඩ්රික් බලකොටුවේ කොටු ද්වාරයට දැඩි ලෙස හානි වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 

පෘතුගීසීන් විසින් පළමුව ඉදිකර පසුව ලන්දේසීන් විසින් පුළුල් කර සාදන ලද මෙම බලකොටුව 1679 වසරේදී ඉංග්‍රීසීන් විසින් කාලතුවක්කු රඳවනද සහිතව ශක්තිමත්ව ඉදිකර අවසන් කරනු ලැබීය. එය ත්‍රිකුණාමලේ පිහිටි පුරාවිද්‍යා රක්ෂිත දෙකෙන් එකකි. 

පුරාවස්තු ආඥා පනත යටතේ වර්ෂ 1981 ජනවාරි 16දා අංක 124 දරන ගැසට් නිවේදනය අනුව ෆෙඩ්රික් බලකොටුව අක්කර 372යි රූඩ් එකයි පර්චස් එකක භූමියක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 

1803 වසරේදී නත්තල් සාදයකට මෙරටට පැමිණි තුන්වැනි ජෝර්ජ් රජුගේ දෙවැනි පුත් බි්‍රතාන්‍ය ත්‍රිවිධ හමුදා නායක “යෝක්” සහ “ඇල්බේනියේ” ආදිපාද “ෆෙඩ්රික් ඔගස්ටස්” කුමරුගේ ත්‍රිකුණාමලයට පැමිණීම නිමිති කරගනිමින් මෙම බලකොටුව “ෆෙඩ්රික් කොටුව“ ලෙස නම් කර තිබේ. 

කොටුවට පිවිසීම සඳහා ඉදිකර ඇති ප්‍රධාන ‍ෙදාරටුව වසර 300 කට වඩා පැරැණි එකක් වන බවත් එහි පැරැණි ලී ‍ෙදාරටුවේ කොටසක් කැඩී ගොස් ඇති බවත් පවසන ප්‍රදේශයේ ජනයා වැඩිදුරටත් පැවැසුවේ ගෝකණ්ණ විහාරයට හා කෝනේශ්වරම් කෝවිලට බැතිමතුන් රැගෙන නිතර යන එන බස් රථ හා ජල බවුසර වැදීම හේතුවෙන් කොටු පිවිසුමේ බිත්තිද මේ වන විට කැඩී පැරැණි ගඩොල් ගැලවී ඇති බවයි. 

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙම බලකොටුවේ විනාශ වී යමින් පවතින කොටු පිවිසුම් ‍ෙදාරටු බිත්තිය ආරක්ෂා කිරීමට බලධාරීන් වහා කටයුතු කළ යුතුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon