සති අන්තයේ ගම් ප්‍රදේශ බලා යන මගීන්ට ලංගමයෙන් අමතර බස් සේවා

  👤  1125 readers have read this article !
Published by : MB WEB 2018-08-10 13:29:43

සති අන්තයේ ගම් ප්‍රදේශ බලා පිටත්ව යන් මහජනතාවට දුම්රිය වර්ජනය හේතුකොට මුහුණ පෑමට සිදු වී ඇති අපහසුතා මග හැරවීම පිණිස අද (10) පස්වරුවේ දුර ගමන් සඳහා අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන ඇතැයි එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

ලංගම බස් රථ දුරගමන් සේවා සඳහා යොදවා යුද හමුදාවෙන් සහ නාවික හමුදාවෙන් ලබා ගෙන තිබෙන බස් රථ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ධාවනයට යොදවන බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය සමග අද (10) පැවති සාකච්ඡාවකදී සභාපතිවරයා පැවසීය.

අවශ්‍යතරම් බස්රථ යෙදවීම නිසා ඊයේ (9) පස්වරුව පමණ වන විට කොටුව දුම්රිය ස්ථානය අසළ හා පිටකොටුව බස්නැවතුම් පොළේ මගී තදබදයක් නොතිබූ බවත් අද පෙරවරුවේ ද මගීන්ට හොඳ බස් සේවාවක් සැපයීමට ලංගමයට හැකි වූ බවද රමාල් සිරිවර්ධන මහතා කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon