හිටපු අගමැතිට නඩු පවරයි

  👤  1076 readers have read this article !
Published by : MB WEB 2018-08-08 16:02:15

මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් හට මුදල් විශුද්ධිකරණයට අදාළව චෝදනා 03 ක් යටතේ නඩු පවරා තිබේ.

රාජ්‍ය මුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් අවභාවිත කළ බවට හිටපු අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වෙයි.

පසුගිය ජුලි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් හට සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

කෙසේවෙතත් එල්ල වී ඇති චෝදනා අවස්ථා ගණනාවකදී ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon