බොලිවුඩ් තරු පුරුදු

  👤  1125 readers have read this article !
Published by : MB WEB 2018-08-07 16:44:28

රසික ආදරය නොමඳව දිනා ගන්නා බොලිවුඩ් තරුවල රංගනය වගේම මේ අයගේ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් පවා මාධ්‍යයේ වැඩි අවධානයට ලක් වෙනවා. සමහර අවස්ථාවල මේ තරු තමන්ගේ පෞද්ගලික හැසිරීම් කොයි තරම් සඟවන්න උත්සාහ කළත් මාධ්‍යයේ ඇසින් නම් මේ දේවල් සඟවන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ගොඩක් දෙනා නොදන්න බොලිවුඩ් තරුවල සැඟවුණු පුරුදු කීපයක් තමයි අද අපි ඉදිරිපත් කරන්නේ.

සුවඳ සබන් එකතුවක්

සල්මන් ඛාන්
සබන්වල සුවඳට ගොඩක් ප්‍රියකරන තරුවක් තමයි සල්මන් ඛාන්. විවිධ රටවලින් මිලදී ගත් සුවඳ කැවූ සබන් වර්ග රැසක එකතුවක් ඔහු සතු වෙනවා. මේ අතරින් ඔහු බොහෝ ප්‍රිය කරන්නේ ස්වාභාවික පලතුරු සුවඳ සහිත සබන් වර්ගවලටයි.. ලෝකය පුරා ඇති විවිධ සුවඳින් හා හැඩයෙන් නිර්මාණය වූ සබන් නිෂ්පාදන ගැන ඔහුට තියෙන්නේ පුදුමාකාර ඇල්මක්. රූගත කිරීම්වලට එන විටත් සල්මන් නිතර විලවුන් වර්ග හා ටිෂූ ද පාවිච්චි කරමින් ඔහුගේ පිරිසුදුකම ගැනත් නිතර සැලකිලිමත් වෙනවා.

පිඹුරන් ඇති කරන පුරුද්ද

සුෂ්මිතා සෙන්
බොහෝ දෙනා සුරතල් සතුන්ට ආදරය කරනවා. ඒ වුණත් සුෂ්මිතා සෙන් පුරුද්දක් විදියට ඇති කරන්න සුරතලෙක් තෝරා ගෙන තියෙනවා. ඒ ටිකක් වෙනස් විදියේ සතෙක්. ඇය පිඹුරන්ට ගොඩක් ආදරය කරන බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මේ නිසාම සුෂ්මිතා සෙන් ඇගේ නිවෙසේත් මේ විදියේ සුරතලෙක් ඇති කරනවා.

හානිකර දුම්වැටි පුරුද්ද

රාණි මුඛර්ජි
අනෙක් නිළියන් අතරින් දුම්පානයට තරමක් ඇබ්බැහි වුණ තරුවක් විදියට රාණිව හඳුනා ගන්නවා. ඇගේ මේ පුරුද්ද ඇගේ ජීවිතයට හානිකර වුණත් දුම්පානයට ඇය ප්‍රිය කරන නිසාම උදෑසන දවස ආරම්භ කරන විටත් ඇය දුම්වැටියක් ගැනීම පුරුද්දක් කරගෙන. මෙය ඇය දරුණු ලෙස ඇබ්බැහිවූ පුරුද්දක්.

වීඩියෝ ගේම්වලට වෙනම කාමරයක්

ෂාරුක් ඛාන්
සුපිරි තරුවක් විදියට විවිධ ඡායාරූපවලට පෙනී සිටියත් ෂාරුක් කෑම ගන්න අතරතුරේ ගන්න ඡායාරූපවලට නම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම ඔහු අයිස් ක්‍රීම්වලට ප්‍රිය කරන්නේ නැහැ. ඒ වුණත් ඔහු වීඩියෝ ගේම්වලට නම් දක්වන්නේ පුදුම කැමැත්තක්. මේ නිසාම ෂාරුක්ගේ මාන්නත් නිවෙසේ වෙනම කාමරයක් වීඩියෝ ක්‍රීඩා කරන්නට සැලසුම් කරලා. සමහර වෙලාවට ඔහු තමන්ගේ යහළුවන්ටත් වීඩියෝ ක්‍රීඩා කරන්න මාන්නත් නිවෙසට ආරාධනා කරනවා.

දෙපාවලට වැඩි සාත්තු

සනී ලියෝන්
පිරිසුදුකම ගැන නිතරම හිතන සනී ලියෝන් ඇගේ දෙපාවල පිරිසුදුකම ගැනත් වැඩියෙන් සැලකිලිමත් වෙනවා. බ්ඪඵථල චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරන අතරතුරත් හැම විනාඩි 15කට වරක්ම ඇගේ දෙපා පිරිසුදු කිරීම ගැන හැමෝම පුදුම වුණා. රූගත කිරීම්වලට ප්‍රමාද වුණත් ඇය මුල් තැනක් දෙන්නේ දෙපාවලටයි.

කෝපිවලට තිබෙන ඇබ්බැහිය

ෂාහිඩ් කපූර්
කම්මැළි වෙලාවට ප්‍රබෝධවත් බවක් ගෙනදෙන්න කෝපි හොඳ පානයක්. ඒ වුණත් ෂාහිඩ් නම් දවසකට කිහිපවරක්ම කෝපි පානය කරනවා. දිනකට කෝපි කෝප්ප 10ක් පමණ හිස් කරන ඔහු එතරම්ම කෝපිවලට ඇබ්බැහි වූ අයෙක්.

පාවහන් එකතුව

ප්‍රියංකා චොප්රා
සුරූපි නිළි ප්‍රියංකා චොප්රා විලාසිතාවලට ප්‍රියකරන තරුවක්. මේ අතරින් ඇය වඩාත්ම කැමැති පාවහන් විලාසිතාවලට. ඇයට විවිධ මෝස්තරයෙන් හැඩවුණු පාවහන් 80ක පමණ එකතුවක් තියෙනවා. විවිධ මෝස්තරයේ අලංකාර පාවහන් රැසක් තිබුණත් ඇය නිතර පලඳින්නේ ර්ථීධඪදබඥඤ බධඥ පාවහන් විලාසිතායි.

නෑමට අකැමැත්තක්

අමීර් ඛාන්
අමීර් ඛාන් බොලිවුඩයේ ඉන්න දක්ෂතම තරුවක්. කොහොම වුණත් ඔහු නාන්න නම් එතරම් කැමැත්තක් නැති කෙනෙක් කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මේ හේතුව නිසාම වරක් ඔහු කොණ්ඩය කොටටම කැපූ අවස්ථාවක ඔහුගේ පෙම්වතිය ඔහුව හැර ගිහින් තිබුණා. ඒ විතරක් නොවෙයි අමීර් ඇස් රතු වන විහිළු කරන තරුවක් විදියටත් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධයි.

සාරි එකතු කරන පුරුද්ද

විද්‍යා බාලන්
සුරූපී විද්‍යා බාලන්ගේ සුන්දරත්වය වැඩියෙන්ම කැපී පෙනෙන්නේ ඇය අඳින සාරි විලාසිතාවන්ගෙන්. ඇය සාරි විලාසිතාවලට ගොඩක්ම ඇලුම් කරනවා. ඇගේ අල්මාරියේ විවිධ විලාසිතාවලින් හැඩවුණු සාරි 800ක් පමණ දකින්න ලැබෙනවා. ඇය සාරිවලට එතරම්ම ප්‍රිය කරන තරුවක්. ඇයට මේ පුරුද්ද ඇති වෙන්නේ පාසල් යන කාලයේ පටන්මයි. ඒ වගේම ඇය ඇයගේ ජංගම දුරකථනය ගැනත් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ නිසාම ඇයට කේෂ්ත්‍රයේ බොහොමයක් උත්සව හා සාද අවස්ථාවන් පවා මඟ හැරෙනවා.

අත්දෙකෙන්ම ලියන හැකියාව

අමිතාබ් බච්චන්
ගොඩක් දෙනෙක්ට ලියන්න පහසු වෙන්නේ එක් අතකින්. අත් දෙකෙන්ම ලියන්න හැකිවෙන්නේ කිහිපදෙනකුටයි. ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ටත් මේ හැකියාව තියෙනවා. වරක් ඔහු හදිසි අනතුරකට මුහුණ පෑවා. මේ අනතුරින් ඔහුගේ දකුණු අතට හානි වූ නිසා ඒ අතින් ඔහුට කිසිවක් කිරීමට නොහැකි වුණා. මේ නිසා ඔහු වම් අතින් ලියන්න හුරු වුණා. අනිත් කාරණේ තමයි මොහු හැමවිටම වම් අතේ ඔරලෝසු දෙකක් බඳින්නටත් හුරුවී සිටිනවා. එක් ඔරලෝසුවකින් ඉන්දියාවේ වෙලාවත් අනික් ඔරලෝසුවෙන් ඔහු සංචාරය කරන රටේ වෙලාවත් දැනගන්න තමයි ඔහු මේ විදියට ඔරලෝසු දෙකක්ම පාවිච්ච් කරන්නේ. මේ එක්කම නිතරම ඔහු අතේ ජංගම දුරකථන කිහිපයක්ම දැකගන්නත් ලැබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon